(තිහගොඩ – උපසේන ලියනගම)
දකුණු පළාතේ උප නගරයක් අසල වූ නිවසක ජීවත් වූ ඔහු නගරාසන්න නිවසකින් විවාහයක් කරගෙන ඒ නිවසේම බින්න බැස්සේ තම මහගෙදර සාමාජික සංඛ්‍යාව විශාල වූ නිසාය.
බිරියගේ නිවසේ ඇයත් ඇගේ අම්මාත් ජීවත් වූ අතර මේ නැන්දම්මා සහ බෑනා අතර නිතර ආරවුල් ඇතිවිය. නැන්දම්මාගේ කන නෑසීම නිසා මේ ගැටුම් ඇතැම් විටෙක උත්සන්න විය.

අගනුවර කාර්යාලයක සේවය කළ බෑනා පසුගියදා පෝය නිවාඩුවට ගෙදර ආවේ සති ගණනාවකට පසුවය. සිය නැන්දම්මා පෙනෙන්නට නොසිටි නිසා ඔහු බිරිඳගෙන් ඇසුවේ ‘කෝ අර බීරි හටන’ කියාය. ගෙතුළ කාමරයක සිටි නැන්දම්මා ‘තෝ මට ද බොල බීරි හටන කීවේ. අද සිල් ගත්තා. නැත්නම් තොට හොඳ වචන දෙකක් කියනවා’ යී කීවේ කෝපයෙන් පිපිරෙමිනි.
මේ දුටු බිරිඳ ‘හත් දෙයියනේ, මේ මනුස්සය ගිය සතියේ මාතර දොස්තර කෙනකුට කන පෙන්නලා කනට යන්ත්‍රයක් දාගත්තා, දැන් අපටත් හොඳට ඇහෙනවා’ කීමෙන් මේ බෑනා විමතියටත් ලැජ්ජාවටත් පත්ව කාමරයට ගියේ දැන් ඉතින් මේ ගෙදර ‘රහස් ඉවරයි’ කියා තමාටම කියා ගෙනලු.
2025 ඔක්තෝබර් මස 08
1852
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1494
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නැන්දම්මාට ‘‘බීරි හටන’’කියූ බෑනාට අලි දෝස්මුරයක්