IMG-LOGO

නෝනාගේ පොලු‍ පහරින් බේරෙන්න ගිහින් වැසිකිළියක කොටුවෙලා

කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
අනියම් බිරියගේ නිවෙසට රිංගන්න හදද්දී විවාහ බිරිය පිටුපසින් පැමිණ එල්ල කිරීමට ගිය පොලු‍ පහරින් බේරීමට අසල තිබුණු වැසිකිළියකට රිංගා ඇතැයි කියන සැමියකු පිළිබඳ පුවතක් කෑගල්ල පොලිස් වසමෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු කෑගල්ල පොලිස් වසමේ වයස අවුරුදු 33 ක තිදරු පියෙකි. සිය බිරිය හා ගැහැනු දරුවන් තිදෙනා සමග පදිංචිව සිටියි. ඔහු රැකියාව ලෙස පෙදරේරු අත් උදව්කරුවකු ලෙස ගම් ප්‍රදේශයේ දක්ෂ පෙදරේරුවකු සමග කාලයක සිට සේවය කර උපයා ගන්නා මුදලින් බිරිඳ, දරුවන් ඇති දැඩි කළේය.
සැමියා කාලයක සිට අසල්වැසි නිවෙසක පදිංචිව සිටින අවිවාහක තරුණියක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට බිරිය තොරතුරු සොයාගත්තේ ඉවකින් මෙනි. 
පසුව බිරිය සිය සැමියාගෙන් ඒ පිළිබඳ කීප අවස්ථාවක දීම විමසා ඇතත් තමන් එවැනි දෙයකට පැටලී නැති බව කියා සිටියේ හත් පොළේ දිවුරමිනි. දින සති ගෙවී යද්දී දෙදෙනා අතර ගැටුම උග්‍ර වීම හේතුවෙන් තිදරු පියා බිරියට හා දරු තිදෙනාට කෑමට හාල් ටිකක් එළවළු ටිකක් පමණක් ගෙනත් දීමට කටයුතු කළේය. දරුවන්ගේ පාසල් කටයුතුවලට මෙන්ම අත්‍යවශ්‍ය දෙයකට මුදලක් අසනීපයකට බෙහෙතක් ගැනීමට පවා තිදරු පියා බිරිඳට මුදලක් ලබා නුදුන්නේය. 
ඉකුත් දිනක තිදරු පියා වැඩ ඇරී නිවෙසට පැමිණ කහට කෝප්පයක් පානය කර ගොම්මන් හැන්දෑවේ බිරිය කුස්සියේ උයමින් සිටිය දී අනියම් බිරියගේ නිවෙස පැත්තට ගියේ හොර රහසේය. 


අනියම් කාන්තාවගේ නිවෙස පැත්ත බලමින් වෙළඳසල දෙසට සැමියා ගමන් කරන අයුරු දැක ඇති බිරිය හීන්සැරේ පොල්ලක් ද රැගෙන ගොස් අනියම් කාන්තාවගේ නිවෙස ආසන්නයේ සැඟවුණාය. 
මිනිත්තු කිහිපයකින් පසුව සැමියා වටපිට බලමින් පැමිණ පිටුපස දොරෙන් ඇතුළුවීමට යාමේදී සැඟවී සිටි බිරිය පොල්ලකින් තිදරු පියාගේ කොන්දට පහර දෙන්නට ලක ලෑස්ති වෙද්දී ඉන් බේරී අනියම් කාන්තාවගේ නිවෙස පිටුපස තිබුණු වැසිකිළියට දිව ගොස් දොර වසා ගත්තේය.
පසුව බිරිය වැසිකිළියේ දොරට අත් දෙක තබාගෙන ලතෝනි දෙන්නට වූවාය. කාන්තාවගේ ලතෝනි හඬ ඇසී අසල්වැසියන් විශාල පිරිසක් මෙන්ම තිදරු මවගේ පියා හා බාල සහෝදරයා ද අනියම් කාන්තාවට අයත් යැයි කියන වැසිකිළිය අසලට පැමිණියහ. 
කිසිවක් කර ගත ‍නොහැකිවූ තිදරු පියා එකවර දොර පිටතට තල්ලු‍ කරද්දී වැසිකිළිය ඉදිරිපිට වැටුණු බිරියගේ ඇඟ උඩින් තිදරු පියා පැන දිව ගියේ අනෙක් අයගේ හූ හඬ මැද්දෙනි. 
බිරිය මේ සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. 
පැමිණිල්ලට අනුව පොලිසිය යුවළ ගෙන්වා පැයකට ආසන්න කාලයක් කරුණු පැහැදිලි කර දුන්නේය. පසුව කරුණු අවබෝධ කර ගත් යුවළ සිනාමුසු මුහුණින් පොලිසියෙන් පිටව ගිය අයුරු දක්නට ලැබුණි.



අදහස් (1)

නෝනාගේ පොලු‍ පහරින් බේරෙන්න ගිහින් වැසිකිළියක කොටුවෙලා

pakeer Friday, 06 October 2023 10:21 PM

ඔය යකා ආයෙත් යනවා... හොර ගෑනි ගාවට...! 

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 187 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site