IMG-LOGO

නැතිවූ බිරිය හොයාගන්න ​ෙද්වාලයකට ඇවිත් කපුවාගේ බිරිය රැගෙන ගිහින්

(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බිරිය වෙනතක ගියේ යැයි කියා සහනයක් සොයා දේවාලයක කපුවකු හමුවට ආ  පුද්ගලයකු කපුවාගේ බිරිය කරකාරෙට රැගෙන යාමේ පුවතක් දකුණු කළුතර පළාතේ පොලිසියකින් වාර්තා වෙයි.


වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය.


කළුතරට ආසන්න ගමක පුද්ගලයකුගේ තරුණ බිරිය හිටිහැටියේම ඔහු අතහැර දමා නිවෙසින් පිටව ගියේය. තම බිරිය සොයාගැනීමට නොයෙක් උපක්‍රම යෙදුවත් ඇය සොයාගැනීමට නොහැකි විණි. මේ අතර මිතුරකු හමුවූ අප කතානායකයා සිද්ධිය පිළිබඳව පවසා උදව්වක් පැතීය. සිය මිතුරාගේ මඟ පෙන්වීම මත කතානායකයා දේවාලයකට ගියේය. බිරිය තමා අතහැර ගොස් දැන් සති ගණනක් ගතවන බවත් ඇය සොයාගැනීමට පිහිටවෙන්නැයි කඳුළුපිරි දෙනෙතින් යුතුව ආයාචනා කළේය.


සේවාකරුගේ අඳෝනාව සාවදානව අසා සිටි දේවාලයේ කපු මහතා අඳුනක් අසලට ගොස් මතුරන්නට විය. ගත වූයේ සුළු වේලාවකි. කපුවා ආරූඪ විය. අඳුන බලාගෙන පේන කියන්නට විය. ආතුරය උඹේ බිරිය තවත් අයකු සමඟ නිවසක ඉතා සතුටින් වාසය කරන බව මෑණියන් කියනවා.  


 ඇය යළි ගෙන්වා දීමට හැකියි. හැබැයි කොන්දේසි කීපයක් තියෙනවා. ඒ සඳහා කැපවිය හැකිනම් ගෙන්වා දෙන බව මෑණියන් පවසනවා කීවිට කපුවාට වැඳ වැටුණු කතානායකයා බිරිය ගෙන්වා ගැනීම වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නම් දේවගැතියා ඉදිරියේ පින්සෙන්ඩු විය. 


සතියේ දින දෙකක් පිරිසුදුව දේවාලයට පැමිණ දේවාලය අවට පිරිසුදු කර මල් පහන් පූජා කොට දේව මෑණියන්ට කන්නලව් කරන ලෙස මෑණියන් කියනවා. 


එම උපදෙස් අකුරටම පිළිපදින්නම් පොරොන්දු වූ කතානායකයා දේවගැතියාගේ දැන්වීම මත සතියකට දින දෙකක් දේවලය පිරිසුදු කිරීමටත් කන්නලව් කිරීමටත් පැමිණියේය. එසේ පැමිණෙන අතරතුර දේවගැතියාගේ රූමත් බිරිය කතානායකයාගේ නෙත ගැටුණි.  ටිකක් ඉඟිබිඟි පෑ ඇය කතානායකයා සමඟ ඇයි හොඳයි කමක් ඇති කර ගත්තේය. ජංගම දුරකතන අංක ද මාරු විය.

හොරාට හොරාට දෙදෙන කතාබහ කළේය. ඒ ඇයි හොඳැයිය දැන් දුරදිග ගොසිනි. දෙදෙනා එකම වහලක් යටට යෑමට කතිකා කර ගත්තේය. ඊට හොඳ උපක්‍රමයක් යෙදීය. තම අවුරුදු දෙකක් පමණ වයසැති දරුවාගේ කටවටේ භූමිතෙල් ගෑ කපුවාගේ බිරිය දරුවා භූමිතෙල් පානය කර ඇති බවත් ඉක්මනට රෝහලට රැගෙන යායුතු බවත් කපුවාට පවසා අප කතානායකයා සමඟ පැන ගියාය. අවසානයේ කපුවා තම බිරිය සොයා දෙන්නැයි  කළුතර පොලිසියට පැමිණ බැගෑපත් විය.

 



අදහස් (2)

නැතිවූ බිරිය හොයාගන්න ​ෙද්වාලයකට ඇවිත් කපුවාගේ බිරිය රැගෙන ගිහින්

ශංඛ Thursday, 12 March 2020 08:37 AM

කපුවට බැරිද දන්නෑ අංජනමෙන් නෝනව හොයාගන්න.

:       0       42

Kumar Thursday, 12 March 2020 04:18 PM

තමන් අතහැර දමලා ගිහින් තිබෙන්නේ එපාම වෙලා වෙන්න ඇති. තවත් සොයන්න ඕනේ නැහැ. මොන දෙවියන්ගේ ළගටවත් නොගොසින් කරන්න තිබෙන්නෙ විවාහය අවලංගු කරන එකයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 429 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site