(වියලුව වාර්තාකරු)
ගංජා පොළකින් ගංජ මිටියක් මිලදී ගෙන රැගෙන යමින් සිටි පුද්ගලයෙකු තමන් ඉදිරියට පොලිසිය එනු දැක ගංජා මිටිය හපා කා ගිල දැමූ බව කියවෙන පුවතකි.

සිද්ධියට මුහුණදුන් පුද්ගලයාගෙන්ම අසා දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු ගංජා බීමට තදින් ඇබ්බැහි වූ රජයේ රැකියාවක නිරත පහළ ශ්‍රේණියක කම්කරුවෙකි.
රැකියා ස්ථානයෙන් හිටි හැටියේ අතුරුදහන් වන ඔහු තම ආයතනයට තරමක් නුදුරින් පිහිටි ගංජා තිප්පොළට රිංගා ගංජා මිටියක් රැගෙන ඒම පුරුද්දක් කරගෙන සිටියේ එම පුරුද්ද අත් හැර දමන ලෙස සහෝදර සේවක පිරිස කළ ඉල්ලීම්ද තඹයකට මායිම් නොකරමිනි.
පසුගිය දිනෙක ඔහු සේවය අතරතුරම කිසියම් අවශ්‍යතාවක් සඳහා නගරයට යන බව පවසා ආයතනයෙන් අතුරුදහන් වූයේ හදිසියක් වුවහොත් තමුන්ට ඇමතුමක් දෙන්නැයි තම හිතවතකුට ද පවසමිනි.
හොර රහසේම ගංජා තිප්පොළට රිංගු හෙතෙම ගංජා මිටියක් ගෙන මහපාරට පිවිසෙනවාත් සමගම දැකගන්නට ලැබුණේ තමුන් ඉදිරියට පැමිණෙමින් සිටින පොලිස් නිලධාරීන් ද දෙදෙනෙකි.
පොලිස් නිලධාරීන්ට අසුවුවහොත් අත්වන ඉරණම අත්දැකීමෙන්ම දන්නා ඔහුට කළ යුත්තේ කුමක්දැයි සිතා ගන්නටවත් අවස්ථාවක් නොතිබිණි.
ගණ දෙවි නුවණ පහළ කරගත් ඔහු අතේ තිබූ ගංජා මිටිය, එය ඔතා තිබූ කඩදාසි බෑගයද සමග මුව තුළ රුවා ඉක්මනින් හපා කා ගිල දැම්මේ පොලිස් කූඩුවේ ලගින එකට වඩා එය සුළු දඬුවමක් යැයි මෙනෙහි කරමිනි.
පොලිස් නිලධාරීන්ගෙන් ගැලවී ආයතනයට පැමිණියද ඔහුට සැබෑ ස්වරූපයෙන් කටයුතු කරනට හැකි වූයේ සුළු වේලාවකි.
ඇස් රත් පැහැ ගැන්වී කැරකීමත්, විටින් විට පැමිණි ඔක්කාරයත්, කිසිවක් කර කියා ගන්නට බැරිව ඇඟ පණ නැතිවී යන ආකාරයත් ඔහුට මහත් පීඩාවක් විය. රෝගී තත්ත්වයට හේතුව හොදින්ම අවබෝධ කරගත් හෙතෙම ආයතනයේ මුල්ලකටවී නිසොල්මනේ වැතිර ගත්තේ කරන්නට වෙනත් යමක් නොමැතිවීම හේතුවෙනි.
අන්දමන්දවී සිටින තම මිතුරා වහාම රෝහලකට රැගෙන යාමට ඔහුගේ මිතුරන් පිරිසක් ඉදිරිපත් වුවද සැබෑ හේතුව මිතුරන්ට පැවැසූ හෙතෙම එය ප්‍රතික්ෂේප කර දැම්මේ රෝහල් ගත වුවහොත් ගිල දැමූ ගංජා මිටිය පමණක් නොව සිද්ධිය ද මුලසිට වමාරන්නට තමුන්ට සිදුවෙතැයි මිතුරන් සමඟ පවසමිනි.
එය රහසක් සේ තබා ගන්නැයි ඔහු මිතුරන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියද දින දෙක තුනක් ගත වෙද්දී ආයතන ප්‍රධානියා දක්වාම එම ආරංචිය පැතිරගොස් තිබිණි.
2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
නීතියට බයේ මිටිය පිටින්ම බඩු ගිලලා
Pradeep Saturday, 20 June 2020 09:00 AM
මේ වගේ නොමනා ක්‍රියා සදහා තිබෙන උනන්දුව උවමනාව තමන්ගේ රාජකාරියට හෝ ආර්ථිකය නන්වා ගැනීමේ ක්‍රමයකට යොදා තිබුනේ නම් මොහු මේ වන විටත් ඔය කියනා සුළු කම්කරු ශ්‍රේණියේ සිට ගොඩක් ඉහලට ගිහින්..