IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නංගිගේ එළුවා අයියා මස් කඩයට විකුණලා

(පුස්සැල්ලාව නිහාල් කරුණාරත්න)

තම නැගණිය සතු එළුවකු සොරකම් කර මස් කඩයට දුන් අයියා කෙනෙකු පිළිබඳ පුවතක් කඳුරට පැත්තෙන් වාර්තා විය.

උදෑසන බලනවිට තම එළුවා අතුරුදන්ව සිටි හෙයින් අදාළ කාන්තාව ඒ පිළිබඳව පුස්සැල්ලාව පොලිසියට පැමිණිලි කර ඇත. ඒ මීට පෙර සොරකම්වලට සම්බන්ධව සිටි ඇගේ අයියා සැක කරන බව පවසමිනි.

පුස්සැල්ලාව පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඔහු එම සොරකම කළ බව හෙළිවී ඇත. පසුව ඔහුට සහාය වූ බව කියන තවත් පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් එළුවා පුස්සැල්ලාවේ මස්කඩ හිමියෙකුට දී පසුව ගනුදෙනු බේරා ගන්නාතුරු රුපියල් දහසක මුදලක් ලබාගෙන ඇත. එහෙත් එළුවා මැරීමට පෙර සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ. අනතුරුව සැකකරුවන් නාවලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී එළුවා සොරකම් කළ පුද්ගලයා වරද පිළිගත් අතර ඔහුට සහාය වූ මිතුරා තමන් නිවැරදිකරු බව පැවැසීය.

එහිදී මහේස්ත‍්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා එළුවා සොරකම් කළ පුද්ගලයාට රුපියල් පන්දහසක දඩයක් නියම කර ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරියේය. නිවැරැදිකරු බව පැවසූ පුද්ගලයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහල අතර නඩුව 2017 නොවැම්බර් මස 1 වැනි දිනට කල් තබනු ලැබීය.

පුස්සැල්ලාව පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සරත් බණ්ඩාර පලිපාන මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක හේමන්ත තිලකරත්න මහතාගේ මෙහෙයැවීමෙන්, පොලිස් සැරයන් (52048) නිශාන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන (22322) උපතිස්ස, (49399) කෝලිත, (37304) අමරසිංහ යන නිලධාරීන් පරීක්ෂණ සිදුකර ඇත.



අදහස් (1)

නංගිගේ එළුවා අයියා මස් කඩයට විකුණලා

chintha Wednesday, 11 October 2017 08:18 AM

හොර බඩු ළඟ තබා ගත්ත මස් කඩකාරයා ඒකෙන් ගැලවුනේ කෙසේද ?

:       30       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site