IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දේශපාලනය කතාකරන්න ගිහින් 2000 ක අලාභයකුත් ගෙවලා

දේශපාලන පම්පෝරි ගැසීමට යාමේ අතුරුඵලයක් ලෙස පාක්‍ෂිකයන් දෙදෙනකුට රුපියල් දෙදහසක දඩයක් බැදීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ අගනුවරට ආසන්න උප නගරයකිනි.


මැදිවියේ වූ මේ දෙදෙනා දැඩි හිතවතුන් වූවත් දේශපාලන වශයෙන් සිටියේ පිල් දෙකකය. පසුගිය මැයි රැලියේදී තම පක්‍ෂයේ ජයග්‍රහණය පිළිබඳව එක් අයකු කඩපිලක කතා කරද්දී ප්‍රතිවාදී පිල නියෝජනය කළ හිතවතා ඊට එරෙහිව අදහස් පළ කළෙන් තරමක උණුසුමක් ඇතිවිය.


මොහොතකින් ආවේගයට පත් වූ එක් අයකු “අනේ පලයන් යන්න” කියා හිතවතා තල්ලු කළ විට සමබරතාව රැක ගැනීමට අසමත් වු ඔහු කැරකී ගොස් කඬේ ආහාර දමා තිබූ උස වීදුරු අල්මාරියක වැදී එහි වූ බඩුත් සමඟ ඇද වැටුනේ මහ හඬක් නගමිනි. වීදුරු කුඩුවී ආහාර වර්ග විසිරී ගියේය.


වහා එතැනට ආ මුදලාලි අලාභය ගණන් බලා එය රුපියල් දෙදහස් විසි පහක් බව පවසා “හිතල මතල දෙයක් නෙමෙයිනෙ. ඒ නිසා දෙදාහක් දෙන්න” කීවෙන් දෙදෙනාටම තරු පෙනුනාලු.

(තිහගොඩ - උපසේන ලියනගම)



අදහස් (0)

දේශපාලනය කතාකරන්න ගිහින් 2000 ක අලාභයකුත් ගෙවලා

අජිත් Wednesday, 11 May 2016 01:30 PM

මුදලාලි නම් නියමෙට පාඩම උගන්වල තියෙනවා. අන්තර්ජාලයේ දමන ඒවාගැන කාටවත් මොකුත් කියන්න බැහැ. ඒක ඔවුන්ගේ කැමැත්ත. මමත් ඕන තරම් FB එකට අදහස් දමනවා. (අ0

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 12 May 2016 02:50 AM

මම මෙහි අන්තර්ජාලය ගැන සඳහන් කළේ මුහුණු පොත්වල දමන ඒවා ගැන නොවෙයි, මෙහි අදහස් ප්‍රතිචාර දක්වන එක ගැනයි. කියලා තියෙන්නේ නිවැරදිව වටහාගන්න මුලින්ම අදහස් දක්වන්න ප්‍රථම. අපේ ලංකාවේ මිනිස්සු ක්‍රියාවට වඩා කයිවාරුවට මුල් තැන දීලා කටයුතු කරන බව පේන්න තියෙනවානේ. (නි)

:       0       0

මොහොට්ටාල Wednesday, 11 May 2016 02:51 AM

මේක නම් හොඳ පාඩමක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 10 May 2016 12:31 PM

දැන් ඉතින් දෙන්න එක්ක ගෙවන්න්කෝ... අමතක නොකර මුදලාලිගෙන් කුවිතාන්සියක් ඉල්ලගෙන දෙන්නගේ පක්ස නායකයන්ට ගෙනිහුන් දෙමු , බලමු නය බේරයිද කියලා. එහෙම බේරුවොත් දෙපැත්තට බෙදිලා වැඩ කරන්න . මොකද බලාගන්න නායකයෝ ඉන්නවා , නොගෙවුවොත් නැවත කවදාවත් යාලුවෙක් හිතවතෙක් ගමේ ගොඩේ මිනිහෙක් එක්ක දේසපාලනය කතා නොකර ඉන්න. (ර)

:       0       0

රොෂාන් Tuesday, 10 May 2016 01:05 PM

අනිත් එක අපේ රටේ මිනිස්සු කොහොමත් දේශපාලන උන්මන්තකයෝනේ. එහෙම එකේ දේශපාලනය කතා කරන්න තැනක්, තොටක් වෙලාවක් තියෙන්න ඕනද?(හේ)

:       0       0

ධම්ම Tuesday, 10 May 2016 04:04 PM

ගුටි ඇනගැනීම දේශපාලනයේම කොටසකි. (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 10 May 2016 08:44 AM

අපේ සමහරුන්ට කතා කරන්න ගියහම තැනක් වෙලාවක් බලන්නේ නැහැ. මොනවද අවට තියෙන්නේ කියලා කිසිම සිහියක් පතක් නැහැ. ඒ අයට මේ කතාව හොඳ ආදර්ශයක්. සමහරු අන්තර්ජාලය භාවිතා කරනවා මේ වගේ ප්‍රවෘත්තිවලට ප්‍රතිචාර දක්වන්න. නමුත් අන්තර්ජාල සම්බන්ධතාව සඳහාත් ඩේටා සදහාත් අතින් මුදල් වියදම් කරගන්නවා. එහෙම කර කර එක එක පුද්ගලයට එක එක අදහස්වලට ගැති වෙනවා අන්තවාදීව හිතලා මතලා අනුන් අතර විවිධ වාද භේදකම් කෝන්තර එදිරිවාදිකම් ඇති කර ගන්නවා. අනේ මෙහෙමත් මිනිස්සු. අපේ රටටම හොදයි ඉතින්.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site