IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දේව වරමෙන් ඡන්ද ගුණ්ඩුවක්

(කැකනදුර – ගයාන් දර්ශන)
තමාට මනාපයක් ලබා දෙන ලෙස සිය ඡන්ද දායකයන්ගෙන් පොරොන්දු ලබාගත් අපේක්ෂකයකු පිළිබඳව මෙවර මහ මැතිවරණයේ දී රටේ ප්‍රධාන නගරයකින් අසන්නට ලැබිණි. මෙය ඡන්ද දායකයන් අතර කසු කුසුවක් ලෙස පැතිර ගියේලු. මොහු මැදිවියේ අපේක්ෂකයකු වන අතර ප්‍රාදේශීය ජනතා නියෝජිතයකු ලෙස ද කලක් දේශපාලන භූමිකාවෙහි රැඳී සිට ඇති අතර සිය බල ප්‍රදේශයට වැඩ නොකළ හෙයින් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වූ චරිතයක් බවට පත්ව සිටි අයෙකි.


මෙවර දේශපාලන පක්ෂයකින් තමන්ට අහඹු ලෙස ලැබුණු අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන ගැනීමට සිතූ මොහු ඡන්ද දායකයන්ගෙන් මනාපය ලබා ගැනීමට මේ අලුත් මැතිවරණ රටාවට නැඹුරු වී සිටි බව ගම්වාසීන් හා ඡන්ද දායකයන්ගෙන් පසුගිය දිනවල අනාවරණය විය.


බොහෝ අපේක්ෂකයන් මෙවර සිය ඡන්ද දායකයින්ට ආහාර පාන සහ විවිධ බඩු බාහිරාදිය බෙදාදීමෙන් මනාප පොරයෙහි නියලුණු අවස්ථාවක මොහු තමාට දේව වරමක් හිමි බවත් දෙවියන්ගේ ආශිර්වාදය තමාගේ ජයග්‍රහණයට හිමිවන බවත්, තමාට මනාපය ලබා දෙන සියලුම දෙනාට සෙතක් ශාන්තියක් හිමි වන බවත් එසේ නොකරන අයට දෙවියන්ගේ ආශිර්වාද හිමි නොවන බවත් ඇතැම් විට දෙවියන් විසින් දඬුවම් පවා ඔවුන්ට ලබාදීමට ඉඩ ඇති බවත් ඔහු සිය හිතවතුන්ට පවසා ඇත.


මනාපය ඉල්ලා සිය නිවෙස්වලට පැමිණි අදාළ අපේක්ෂකයාටත් දේශපාලන සගයන්ටත් ගම්වැසියන් බොහෝ දෙනෙකු පවසා ඇත්තේ දේව වරමක් සහ දේව ආශිර්වාදයක් තමාට හිමි නම් ජනතාවගේ මනාපය නොමැතිව දේව මනාපයෙන්ම මෙවර ජයග්‍රහණය කර පෙන්වන ලෙසය.

 



අදහස් (0)

දේව වරමෙන් ඡන්ද ගුණ්ඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site