IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දෙවැනි පෙම්වතා එක්ක පැනගිය පෙම්වතිය මගදී පළමු පෙම්වතාට ආපහුදීලා

පළමු පෙම්වතා හැර තව එකෙකුට පෙම්කළ තරුණියක යුග දිවි සඳහා පලා යන ගමනේදී ඇයගේ පළමු පෙම්වතා කැඳවා ඇය ඔහුට බාරදී දෙවැනි පෙම්වතා හිස් අතින් ආපසු නිවසට යෑමේ පුවතක් රජරට පුරවරයට අයත් මහවැලි ජනපදයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය,


කාලයක සිට පෙම් ඇසුරක වෙලී සිටි පෙම් යුවළක් හදිසියේ විරසක වුණි.


පෙම්වතා ඇයට ආදරය කරන නමුත් පෙම්වතිය ඇය හැර වෙනත් පෙම්වතෙක් හා සමග තවත් පෙමක් ඇතිකර ගත්තාය. පෙම්වතිය ඔහු හා යුග දිවි ගමන යෑමට සූදානම් වූවාය. ඒ කාටත් නොදැනෙන සේ හොර රහසේය. 


ඒ බව නව පෙම්වතා ඇයගේ පළමු පෙම්වතාට සැලකර සිටියේය.


ඇය වෙන්ව ඇතත් පළමු පෙම්වතා ඇයට අවංකව ආදාරය කරන  බව දෙවැනි පෙම්වතාට පැවසීය. දෙවැනි පෙම්වතා ඇයට එලෙස ආදරය නොකරන බව පළමු පෙම්වතාට පැවසීය.


ඒ අනුව පෙම්වතුන් දෙදෙනා එක්ව ඇය යුග දිවියට කැඳවා යන ගමන සැලසුම් කළහ.


වෙන් වූ පෙම්වතාගේ ඉල්ලීමට අනුව නව පෙම්වතා ඇය කැඳවාගෙන මැදියම් රැයේ ඇයට අවශ්‍ය රෙදිපිළිද සකසාගෙන වෑන් රථයකින් නිවැසියන්ට හොරා නික්ම ගියේය.


වෑන් රථය අතරමඟ නැවතුනි. ඊට පළමු පෙම්වතා ගොඩවැදුණි.


පළමුව හඳුනාගත් කුලුඳුල් පෙම තරම් සුන්දර පෙමක් නොමැති බව වටහා දී විරසක බව අමතක කර පළමු පෙම්වතා හා යුග දිවි අරඹන ලෙසට නව පෙම්වතා  ඇයට ආශිර්වාද කළේය.


මිතුරන් දෙදෙනා හා ඇයගේ යහලු යෙහෙළියන්ද එක්ව රහසිතගව සැලසුම් කළ මංගල ගමනක් බව වටහා ගත් ඇය කිසිත් නොදොඩා ඔහු හා ඇසුර පවත්වන්නට සිය කැමැත්තෙන් ගිය බව දැන ගන්නට තිබේ.

(මොරගොල්ලාගම සිසිර කැලේගම)

 



අදහස් (0)

දෙවැනි පෙම්වතා එක්ක පැනගිය පෙම්වතිය මගදී පළමු පෙම්වතාට ආපහුදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site