IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


දෛවඥයාගේ පලාපල විස්තරෙන් ’’ශනි’’ ගේ හාදකම හෙළිවී බිරිඳ දොට්ට දාලා

දෛවඥයකුගේ පලාපල විස්තරයක් වැරදියට තේරුම් ගත්  අයකු තම බිරිඳ  ඇයගේ මවුපියන්ට බාර දීමට කටයුතු කිරීමක් ගැන මේ කතාව  මොරවක්කෝරළයේ නැගෙනහිර ප්‍රදේශයේ ගම්මානයකින් අසන්නට ලැබුණි.
ඔහු පාසල් අධ්‍යාපනය නොලද, ගැමියෙකි. වයස අවුරුදු 22 පමණ  නව යෞවනයෙකි. සමාජයේ කටයුතු ගැන අවබෝධය අඩු මෝඩ පහේ අයෙකි. යන්ත්‍ර මන්ත්‍ර, හදි හූනියම් ගැනත් ග්‍රහ අපල පිළිබඳවත් දැඩි සේ විශ්වාස කළ  මොහු අසල ගම්මානයකින්  නාඹර වියේ හැඩකාර  තරුණියක් කරකාරයට එක්කර ගත්තාය. ඇය තරමක් ඉගෙනුම ලැබූ ජේත්තුවට කැමැති  ශෝබනකාර බිරිඳක වූවාය. කුඩා කල ඇය ඇඳෙන් වැටීම නිසා ඇති වූ ආබාධ තත්වයක් නිසා අපස්මාර රෝගයෙන් පෙළෙන්නියකි.
විවාහ වී කාලයක් ගත වුවද දරු සම්පතක් නොලැබීම  නිසා දැඩි කලකිරීමකට පත්ව සිටි  මොහු  අසල නිවසක  සිටි හිතවතකු දුන් උපදෙස් පරිදි බිරිඳගේ කේන්ද්‍රය බලවා ගැනීමට  ජෝතිෂවේදියකු වෙත යාමට  තීරණය කළාය.
ප්‍රසිද්ධ ජෝතිෂවේදියා ළඟට ගිය ඔහු බිරිඳගේ කේන්ද්‍රය දී පලාපල විමසා සිටියේය.
ජෝතිෂවේදියා කේන්ද්‍රය බලා පලාපල පැවසුවේය.


“මේ කේන්ද්‍රය අයිති කාන්තාව අලංකාරයට, කැමැති  විනෝදකාමී හැඩකාරියක්. අනුන්ගේ සිත් ඇද බැඳ ගන්න හරි දක්ෂ කමක් තියනව. අඟහරු නීචවෙලා තියනව. ශනිගේ බැල්ම මැයගේ හිසට ලැබෙන ලග්න  ඒරෂ්ඨක කාලයක් ලබල තියෙන්නෙ. අපල කාරයා ශනියි. ශනිට නොපෙනෙන ලෙස   මැය වෙනත් නිවසක පදිංචි කර ශනි මෘත්‍යුංජය යන්ත්‍රය පළඳවන්න. නිල් කටරොළු මල්වලින් පූජාවක් පවත්වන්න. කපුටන්ට ගිතෙල්  මිශ්‍ර බත් දෙන්න.
ග්‍රහයන් ගැන දැනුමක් නැති මොහුට, ශනිගේ බැල්ම ගැන සැකයක් ඇති විය. තම නිවසට මදක් දුරින් ඇති නිවසේ  සිටින ලස්සන කොලු‍ ගැටයාගේ නමද සනී ය. ඔහු සිතුවේ සනියා තම බිරිඳට ඇහැබැල්ම දාල ලෙඩ කර ඇති බවය.
මෙම සිතුවිලි සමග නිවසට පැමිණි මොහු, බිරිඳගෙන් ඇසුවේ “සනියා උඔට මොනවත් කීවද? මම නැති වෙලාවට මේ ගෙදරට ඒ කොල්ල එනවද? කේන්ද්‍රය බලපු මහත්තය කියපු හැම දේම ඇත්ත. ශනිගේ බැල්ම උඔට ලැබෙනව කියල කිව්ව. මට ඇත්ත කියපන්. උඔ සනිය සමග හාදකමක් පවත්වනවා නේද?
නොසිතූ අකරතැබ්බයකට මුහුණ පෑ බිරිඳ“මේ මිනිහට පිස්සුද? මම දන්න සනියෙක් නෑ කියා උස්හඬින් කීවාය.
“උඹ මට හොරේ හංගනව. උඹගෙන් මට වැඩක් නෑ. දැන් සූදානම්වෙයන් ගෙදර යන්න. ස්වාමිපුරුෂයා මහ හඬින් ඇයට සැර කර, මග යන ත්‍රීවීලරයක් ගෙන්වාගෙන  බිරිඳ එයට නංවාගෙන බිරිඳගේ ගෙදරට ගොස් ඇයගේ පියාට දියණිය බාර ගන්න කියා, කේන්ද්‍රය බැලූ, පලාපල විස්තරයත් මාමණ්ඩිය අත තබා ඔහු පැමිණි ත්‍රීවීලරයෙන්ම ආපසු නිවසට පැමිණියේය.
දියණිය, සිදු වූ දේ පියාට පැවැසූ අතර පියා පලාපල විස්තරය කියවා බලා බඩ අල්ලාගෙන හිනා වී සෙනසුරු අපලයට කොහෙවත් ඉන්න සනියෙක් අල්ලගෙන මේ ගොනා  රණ්ඩු වී ඇතැයි ඥාතීන්ට  පැවැසීය. 

මාවරල පී.එස්. මද්දුමගේ

 



අදහස් (3)

දෛවඥයාගේ පලාපල විස්තරෙන් ’’ශනි’’ ගේ හාදකම හෙළිවී බිරිඳ දොට්ට දාලා

vernon Tuesday, 28 November 2023 08:42 AM

ඔය කතාව 1980 ගණන් වල සඟරාවක ගිය විහිළු කතාවක්නේ.

:       0       2

vernon Tuesday, 28 November 2023 08:42 AM

ඔය කතාව 1980 ගණන් වල සඟරාවක ගිය විහිළු කතාවක්නේ.

:       0       1

manoj Tuesday, 28 November 2023 02:47 PM

අපේ රටේ හොඳ ෆියුචර් ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ට පමණි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 615 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17570 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 722 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site