(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්වආරච්චි)
ගැබිනි දියණියගේ ආසාව බව අඟවමින් දින ගණනාවක් තිස්සේ නැන්දම්මා ලවා බෑනාගේ දොළදුක සංසිඳවාගෙන යද්දී පිට්ටු කන්න ගොස් මට්ටු වෙන්නට සිදුවූ පුවතක් පසුගියදා පිටිසර බද ගම්මානයකින් වාර්තා විය.
කොලොම්පුරේ කාර්යාලයක ඉහළ නිලයක් දරන බෑනා ඇඳිරි නීතිය නිසා තවම සිටින්නේ නගරයෙන් දුර බැහැර ගම්මානයේ නිවෙසේය. බිරිය කුළුදුල් දරු සුරතල් බලන්නට සැරසී සිටින්නීය. මේ යුවළ පදිංචිව ඉන්නේ බිරියගේ මවත් පියාත් වෙසෙන නිවෙස ආසන්නයේමය. ගැබිනි දියණිය ගැන සොයා බලන්නට ඇගේ මව නිතර කටයුතු කරන්නේ දාරක ප්‍රේමය නිසාමය.
මේ නැන්දම්මා බෑනාට සලකන්නේ පුතකු සේ ආදරය දක්වමිනි. බෑනා කැමති ආහාරපාන ආදිය සකසා දෙන්නටද නැන්දම්මා ක්‍රියා කළේ ඉතා කැමැත්තෙනි. මෙසේ කාලය ගත වෙද්දී තමන්ගේ කැමැත්ත නැන්දම්මාට කියන්නට මේ බෑනා අදිමදි කළේ ඒක කරදරයක් බව සිතූ නිසාය.
සැමියා කැමැති ආහාරපාන මව ලවා සකසවා ගැනීමට බෑනා උපක්‍රමයක යෙදුණේ ඊට පසුවය. අම්මේ මට අරවා කන්න ආසයි. මේවා ආසයි දියණිය පවසන්නට වූයේ සැමියාගේ සිතැඟි අනුවය. ඒ අනුව කටයුතු සිදුවිය. අම්මේ මට අද පිට්ටු කන්න ඕනෑයි දියණිය පැවසුවේ සැමියාගේ එදා දවසේ කැමැත්ත ඉටු කරන්නටය.
මොනවා දුව කවදාවත් නැතුව අද පිට්ටු කන්න කැමතියි කිව්වේ. ඔයා පොඩි කාලේ ඉඳලාම පිට්ටු කන්න කැමති නැහැනේ. දොළදුක කියන්නේ ඒක තමයි. මම ඉක්මනින්ම හදා දෙන්නම් මව පවසද්දී දියණියගේ මුවින් ඇත්ත කියවුණේය. ආ එහෙමද මම බැලුවා මොකද කියලා දවස් ගාණක ඉඳලා බෑනා මට නොකියා දුවගේ කැමැත්ත ඉස්සර කරලා නේ. ඇය කීවාය.
බෑනාට කතා කළ නැන්දම්මා පුතේ දුව පිට්ටු කන්න ආසයි කියනවා. මට ඉක්මනට පොල් ටිකක් ගාලා දෙනවදැයි ඉල්ලා සිටියාය. බෑනා සමග එක්වී පිට්ටු සකස්කළ නැන්දම්මා දියණියට බෙදාදීම පසෙකලා පිඟාන බෑනා අත තබා පුතේ රහ බලන්නැයි පැවසුවේ ඔහුගේ දොළදුක සංසිඳවනු පිණිසය. බෑනාගේ කටේ පිට්ටු හිරවුණේ තමන්ගේ හොරේ එළිවුණු බව දැනගත් නිසාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දුවගේ නමින් බෑනා පිට්ටු කන්න ගිහින් නැන්දම්මාගෙන් මට්ටු වෙලා