IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දෙයියො අහක බැලුවාට ත්‍රිරෝද රියැදුරාට බඩපිරෙන්න දීලා

(උණවටුන ඩී.ජී.සුගතපාල)
ඇයගේ කරදරවල අඩුවක් නැත. ගෙදර දොරේ අඬ දබරද එමටය. මේ සියල්ල දැන සිටි ඇයගේ හිතවතියක් ඇයට කදිම උපදෙසක් දුන්නාය. “අර කපු මහත්තයා හරියට බලන් හිටිය වගේ ඔක්කොම කියනවා. ඔය අපල ඔක්කොම නැති වෙන්න පූජාවකුත් කරල දේවි“මිතුරිය ඇයට කීවාය.


ඒ අනුව ඇය දිනක් නිවසේ අයට ද හොරෙන් කපුවාගේ දේවාලය සොයා ගියාය. කපටි කපුවාද ඇයගේ කටින්ම තොරතුරු දැනගෙන බලා හිටියා මෙන්ම සියල්ල නිවැරදිව කිව්වේය. ඇතිවි තිබෙන සියලු‍ම අපල දුරු කරවා පවුලේ සමගිය දියුණුව උදාකර දීමට ද කපුවා පොරොන්දු විය. ඒ සඳහා පූජාවට අවශ්‍ය කරන දේවල්වල ලැයිස්තුවක්ද ඇය අතට පත්විය.


ඇයගේ හිතට යම් සහනයක්ද ලැබිණි. ඇය අපල දුරුවි  සාමය සතුට ළඟාකර ගැනිමේ අරමුණින් පූජාවට සූදානම් වූවාය. පූජාවට අවශ්‍ය පළතුරු සඳහා ඇය මිලද නොසළකා හොඳම පළතුරු ගත්තාය. නොයිඳුල්ව කැවිලි වර්ගද සැදුවාය. පළතුරු වර්ග හතක් කැවිලි වර්ග හතක් ඇතුළු මල් බුලත් සුවඳ දුම් ආදියද රැගෙන ඇය ත්‍රිරෝද රථයක නැගී දේවාලය බලා පිටත්වූවාය.


දේවාලය ආසන්නයේ කඩයක් අසල ත්‍රිරෝද රථය නතර කළේ ඇයට අමතකවූ  තවත් දේවල් කිහිපයක් ගැනීම සඳහාය. ඇය පූජාව සඳහා ගෙනෙන ලද පළතුරු සහ කැවිලි පාර්සලය ත්‍රි රෝද රථයේ පිටුපස අසුනේ තබා කඩයට ගියාය. සෑහෙන වේලාවකට පසු ඇය යළිත් ත්‍රි රෝද රථය වෙත පැමිණියාය. පිටුපස අසුනේ තබා ගිය පළතුරු කැවිලි පාර්සලයේ යම් අඩුවක් දක්නට ලැබුණ නිසා ඇය එය දිගහැර බැලු‍වාය.


පළතුරුවලින් හොඳම පළතුරුද කැවිලිවලින් කොටසක්ද අඩුය. ඇයගේ බලාපොරොත්තු සියල්ල බිඳ වැටිණි. දෙනෙත් කඳුළින් බරවිය. “කෝ මේ පාර්සලේ තිබුණ පළතුරුයි කැවිලියි. “ඇය ත්‍රි රෝද රථ රියදුරාගෙන් ඇසුවාය.


“අනේ මිස් මට මාර බඩගින්නක් හැදුණා. මම ටිකක් කෑවා “ත්‍රිරෝද රථ රියදුරා කීවේය.


ඇයට සියල්ල අමතක විය. අත දිගහැර ත්‍රිරෝද රථ රියදුරුට පහර පිට පහර කිහිපයක් එල්ල කළාය. එසේ පහරදුන් ඇය ත්‍රි රෝද රථ රියදුරා එළවා දැම්මාය. මේ අතර පේනතෙක් මානයේ සිටි දෙවියන් මේ සියල්ල නොදුටුවා නොඇසුනාමෙන් අහක බලාගෙන සිටියේය.

 



අදහස් (1)

දෙයියො අහක බැලුවාට ත්‍රිරෝද රියැදුරාට බඩපිරෙන්න දීලා

Pradeep Saturday, 20 June 2020 09:13 AM

මිනිසුන්ගේ ඇති ප්‍රශ්ණ සහ ගැටළු වලට විසදුම දෙවියන් බව සිතන තාක් කල් මිනිසාට කවදාවත් සැනසීමක් නැත. දේවාලයේ පින් කැටය හොරු ගත්තාම කපුවා යන්නේත් පොලීසියට. නමුත් අපේ මෝඩ මිනිස්සු...

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site