IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දියණිය සල්ලාලයාගෙන් බේරාගත් පොලිස් පුතා ඇයට දිවිඇතිතෙක් ආරක්ෂාව දීලා

(තිහගොඩ - උපසේන ලියනගම)
පරෙස්සමට තිබූදේ ඈලියාවට ගියා යැයි කියන ආකාරයේ සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ දේවාලයක් නිසා ප්‍රසිද්ධියට පත් නගරාසන්න ප්‍රදේශයකිනි.


උසස් පෙළ හදාරන තම රූමත් දියණිය පසුපස සල්ලාලයකු එන බව ආරංචි වූ පියා පොලිසියේ සේවය කරන තම ඥාතිපුතකුට කීවේ මේක මහ කරදරයක් නිසා දියණියට රැකවල් සලසන ලෙසටය. ඒ කටයුත්ත බාරගත් ඥාතිපුතා ඇය සමග නිල ඇඳුමෙන් සැරසී ආගිය විට සල්ලාලයා සිය කටයුතු අතහැර දැමූ බව පෙනුණි.


විවාහකයකු වූ ඥාති පුත්‍රයාට මේ පිළිබඳව ස්තුති කළ පියා ඉමහත් සතුටට පත්විය.


එහෙත් පසුගියදා උපකාරක පන්තියකට ගිය දියණිය ආපසු නොපැමිණි නිසා ඒ ගැන සොයා බැලූවිට සිය ඥාති පුත්‍රයාද අතුරුදන්වී ඇති බව සැලවිය.


ඔහු සිය පවුලට ද කොකා පෙන්නා අලුත් කැදැල්ලක් තනා ගැනීමට සිය දියණිය සමඟ ඈත පළාතකට ගොස් ඇති බව දැනගත් පියාට දෙවියන් සිහිවුණාලු.



අදහස් (0)

දියණිය සල්ලාලයාගෙන් බේරාගත් පොලිස් පුතා ඇයට දිවිඇතිතෙක් ආරක්ෂාව දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site