IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දානේ ජෙලි ඉස්සූ කොල්ලන්ට අපූරු දඬුවමක්


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



කඨින දිවා දානයට තිබූ ජෙලි භාජනය ඉස්සූ කොල්ලන්ට ලොකු හාමුදුරුවන් දුන් ලොකු දඬුවමක් පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ගමේ විහාරස්ථානයේ කඨින දානය පැවතියේය. කොල්ලො කුරුට්ටෝ ද එහි ගියහ. ඇතැමුන් ගියේ එහි උදව් පදව්වටය. ඉතා සුළු පිරිසක් ගියේ දානයේ ඉතුරු පහදවන දේ කොටා බෑමටය. උදව් පදව්වට ගිය ගමේ කොල්ලෝ සිය ශ්‍රමය ඒ සඳහා නොමසුරුව ලබා දුන්හ. අනෙක් අය ඇඟිලි ගැන ගැන සිටියේ දානයේ ඉතුරු පහදවන දෙයක් තමන් සතුකර ගැනීමටය.
එසේ සිටින ඔවුන්ගෙන් කෙනෙක් දානයට තබා තිබූ ජෙලි භාජනය පිටින්ම උස්සාගෙන ගියේය. දාන ශාලාව පිටුපසට රැගෙන ගිය ජෙලි භාජනය මේ කොල්ලෝ අත දම දමා කකා සිටියහ.
කොල්ලන්ගේ මේ ජෙලි සොරකම පිළිබඳව ලොකු හාමුදුරුවන්ට ලොකු තොරතුරක් ලැබුණේය. ලොකු හාමුදුරුවන් දාන ශාලාවේ පිටුපසට වැඩියේ ඒ අනුවය. තොරතුර ඇත්තය. කොල්ලෝ ජොලි කර කර ජෙලි කකා සිටියහ. 


ලොකු හාමුදුරුවන් දුටු ජෙලි කකා සිටි කොල්ලෝ දුවන්නට සැරසුණාහ. ලොකු හාමුදුරුවෝ ලොකු ආයාසයක් ගෙන ඔවුන් නතර කර ගත්හ. දරුවන්ට බඩ ගින්නටනේ ජෙලි කන්න ඇත්තේ ඒකට කමක් නැහැ. යන්කෝ ආවාස ගේ පැත්තට... කියමින් ඔවුන් ආවාස ගෙයට ලොකු හාමුදුරුවෝ කැඳවාගෙන ගියහ.
කොල්ලන් ගියේ ගැහි ගැහීය. ලොකු හාමුදුරුවන් වේවැල් පාර දෙනු ඇතැයි සමහරු සිතූහ. තමන්ගේ මවුපියන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දීමට මෙසේ එක්ක යන්නේ යයි සිතූ අය ද සිටියහ. ඒත් එහි ගිය ලොකු හාමුදුරුවෝ කොල්ලන්ට ශීතකරණයේ තිබූ යෝගට්, අයිස් ක්‍රීම් ඇතුළු දේවලින් සංග්‍රහ කළහ. මේ වගේ නොහොබිනා වැඩ නොකරන්න යැයි ද එහිදී උන්වහන්සේ පැවසූහ. කොල්ලන්ට ඒ අවස්ථාවේ දී පො​ෙළාව පලාගෙන යන්න සිතුනාලු‍.

 



අදහස් (0)

දානේ ජෙලි ඉස්සූ කොල්ලන්ට අපූරු දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site