පෞද්ගලික ආයතනයක ආරක්ෂාවට සිටියේ ආරක්ෂක නිලධාරියෙකි. දිනකට වරක් ආරක්ෂක කටයුතු පරීක්ෂා කිරීම සඳහා එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙන් නිලධාරියෙක් ආයතනයට පැමිණියේය. ආරක්ෂක නිලධාරියා තම වියදමෙන් සීනි, තේකොළ කිරිපිටි ගෙනැවිත් තේ සාදා බීම සිරිතය. ආරක්ෂක කටයුතු පරීක්ෂා කිරීමට පැමිණෙන නිලධාරියාට කිරි යහමින් දමා තේ කෝප්පයක් සාදා දීමට ආරක්ෂක නිලධාරියා කටයුතු කළේ ඔහුගේ හිත දිනාගැනීමටය.

සමහර දිනවල නිලධාරියා “එස්.ඕ. මට තේ එකක් දෙන්නැයි” පැවසූ අතර, ආරක්ෂක නිලධාරියාද තේ කෝප්පයක් සාදා දෙයි. පැමිණෙන නිලධාරියාට නොමිලේ තේ කෝප්පයක් ලැබුණත් ආරක්ෂක නිලධාරිගේ සුළු අතපසුවීමකදී ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කිරීම ඔහුගේ සිරිතය.
ආරක්ෂක නිලධාරියාගේ සපත්තුවක ලේසයක් ගැලවී තිබීම නිසා රුපියල් පන්සියයක දඩයක් ගෙවීමට ඔහුට සිදුවිය. ඉන්පසු ආරක්ෂක නිලධාරියා කළේ පෙර කී නිලධාරියා පැමිණීමට පෙර තේ සාදා බීමය. දිනක් නිලධාරියා පැමිණ “එස්.ඕ. මට තේ එකක් දෙන්නැයි” පැවසීය.
“සර්, තේකොළ සීනි ඉවර වෙලා” යැයි පැවසූ ආරක්ෂක නිලධාරියා වැසිකිළියට ගිය අතර, ආරක්ෂක කුටිය පරීක්ෂා කළ නිලධාරියාට දක්නට ලැබුණේ තේකුඩු, කිරිපිටි, සීනි සඟවා ඇති බවය.
පසුදින සංචාරක නිලධාරියා ආරක්ෂක නිලධාරියා අමතා “ඔයා හරියට ඩියුටි කරන්නැති නිසා මාරුකරන්නලු” යැයි කීය.
“මාව මාරු කළේ තේ එකක් නුදුන් නිසා” ආරක්ෂක නිලධාරියා පැවසීය.
ක්‍රිස්ටෝපර් සිපියන්
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ කෝප්පයෙන් ස්ථාන මාරුවක්