(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
ත්‍රිරෝද රථයේ ණය වාරිකය ගෙවීම සඳහා මිතුරෙකුගෙන් ලබාගත් ණය මුදල පියවීමට තවත් මිතුරන් දෙදෙනකු හවුල්කර ගෙන අසල්වැසි නිවෙසක තිබූ රුපියල් 30,000 ක් වටිනා ගම්මිරිස් තොගයක් සොරකම් කළ සිද්ධියක් අලවතුගොඩ විලානගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය.
නිවෙසක් තුළ තිබූ වියළි ගම්මිරිස් කිලෝ 60 ක පමණ ප්‍රමාණයක් මෙම පිරිස විසින් ත්‍රිරෝද රථයකින් සොරකම් කර ගෙන ගොස් අකුරණ ප්‍රදේශයේ වෙළෙඳසලකට රුපියල් 29,000 කට විකුණා තිබේ. එක් මිතුරකුගේ ත්‍රීරෝද රථයෙන් අදාළ නිවෙසේ කාන්තාව ගමන් කරන අවස්ථාවේ දී නිවෙසේ ඇති ගම්මිරිස් ගැන දැන ගැනීමෙන් පසුව මොහු සිය මිතුරන් දෙදෙනකුද හවුල් කර ගෙන මෙම සොරකම සිදුකරනු ලැබ ඇති අතර, එලෙස සොරකම් කරන ලද ගම්මිරිස් විකුණා ලබාගත් රුපියල් 20,000 ක මුදලක් එවෙලේම ත්‍රීරෝද රථයේ ණය වාරික ගෙවීම සඳහා මිතුරෙකුගෙන් ලබාත් රුපියල් 20,000 ක මුදල බැංකු ගිණුම් මගින් ලබා දී ඇති අතර ඉතිරි මුදලින් කොටසක් සොරකමට සම්බන්ධ වූ මිතුරන් වෙත ලබා දී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ත්‍රිරෝදයේ වාරිකය ගෙවන්න අල්ලපු ගෙදර ගම්මිරිස් උස්සලා