කොරෝනාව හේතුවෙන් ඇඳිරි නීතිය පවතින අවස්ථාවක පොලිස් නිලධාරියකු අවේලාවේ කාන්තාවක් පමණක් සිටින නිවසකට ගොඩවී එහි පැය තුනක පමණ කාලයක් ගතකර නිවසින් එළියට එනවිට අසල රැස්වී සිටි ප්‍රදේශවාසීන්ගේ හූ හඬ මැද්දේ ලැජ්ජාවට පත්වී තමා පදවාගෙන ආ යතුරුපැදිය තල්ලු කරගෙන පොලිස් ස්ථානය බලා ගිය පුවතක් කොළඹ නගරයේ එක්තරා පොලිස් බල ප්‍රදේශයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
නිවස පිහිටියේ මහල් නිවාස සකීර්ණයකය. පුරුෂයා අත්හැර තනිවම ජීවත්වන කාන්තාවක් එහි නිවෙසක වූවාය. පොලිස් නිල ලාංඡනය ප්‍රදර්ශනය කර ඇති නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ එම පාට දිගු කලිසමක් ඇඳගත් ඔහු තම යතුරුපැදිය මාර්ගයේ නවතා නිවසට පැමිණ ඇත්තේ සවස 6.30ට පමණය. ඔහු එම නිවසට පැමිණීමත් සමඟ ගේට්ටුවත්, නිවසේ දොරත් වසා පහත මාලයේ ලයිට් නිවා දැමූ බවක් සියැසින් දුටු අසල්වැසියෝ පැවසූහ.
පවතින කොරෝනා සහ ඇඳිරි නීතිය ගැන නිතරම විමසිල්ලෙන් සිටින අසල්වැසියෝ සිද්ධිය දෙස පැය තුනක පමණ කාලයක් බලා සිටියත් එම නිලධාරියා එළියට නොපැමිණි නිසා ඒ බව අසල්වැසියකු විසින් අදාළ පොලිසියට දැනුම්දී තිබේ. ලැබුණු තොරතුරු මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විටම සැක කටයුතු පොලිස් නිලධාරියාද එළියට පැමිණීමත් සමග අසල් වැසියන්ගෙන් ‘හූ’ සංග්‍රහයක් ලැබුණි.
මේ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඔහුගේ යතුරුපැදියේ යතුර බාරගෙන යතුරුපැදිය තල්ලු කරගෙනම පොලිසියට යන ලෙස ඔහුට නියම කළේය.
ඔහු යතුරුපැදිය තල්ලු කරන්නට උත්සාහ ගත්තත් එය ඉක්මණින්ම තල්ලු කරන්නට අපහසු වූයේ ඒ වනවිටත් කවුරුන් හෝ කෙනෙක් යතුරුපැදියේ රෝද දෙකේම හුළං යවා තිබූ නිසාය. සැකකාර පොලිස් නිලධාරියා නොනවතින හූ හඬ මැද පසු නොබලාම යතුරුපැදිය තල්ලු කරගෙන ගියේය.
(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනි)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තනිපංගලමේ ඉන්න ගැහැනිය ළඟට රිංගූ රාලහාමිට ‘හූ’සංග්‍රහයක්
SENA Sunday, 31 May 2020 10:02 AM
දෙපැත්තේම කැමැත්තෙන් සිද්ද වෙච්චි වැඩක් වගේ... රැස්වෙලා හිටපු කට්ටියගේ එකම අරමුණ කොරෝනා නීති පිළිපැදීම විතරක් කියන එක වෙන්න බැහැ.