IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තොත්තුවක් ඉල්ලුවාම හොදි වැස්සකින් නාවලා

හසලක සුනිල් ඒකනායක

සිය මිතුරාගේ බිරියගෙන් තොත්තුවක් ඉල්ලා සිටීමෙන් පසු ඇය ඔහුට අමුතුම ආකාරයේ තොත්තු වර්ෂාවකින් සංග්‍රහ කිරීම නිසා රෝහල් ගතවීමට සිදු වූ අනංගයකු පිළිබඳ පුවතක් මිනිපේ ගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා විය.

අසල ගමක පදිංචි ඔහු තිස් එක් හැවිරිදි වියේ පසු වන්නෙකි. මෙදින කිසියම් අවශ්‍යතාවකට ඔහු මිතුරාගේ නිවෙසට ගියත් මිතුරා හෝ ඔවුන්ගේ දරුවන් දෙදෙනා නිවෙසේ නොසිටියේ මිතුරා රැකියාවටත් දරුවන් පාසලට ගොස් සිටි නිසාය.

ඒ වනවිට මිතුරාගේ රූමත් බිරිය පමණක් නිවෙසේ සිටියාය. නිවෙසට ගොඩ වූ ඔහු මිතුරා පිළිබඳව විමසා ඔහු නොමැති බව පැවසූයෙන් ඇය සමඟ විනාඩි කීපයක් අල්ලාප සල්ලාපයේ යෙදී සිට ‘‘එහෙනම් නංගියෝ මම යන්නම්. කෝ ඔයාගේ මුහුණ මගේ පැත්තට හරවන්නකෝ තොත්තුවක් දීලම යන්න.’’ යැයි පවසා ඔහු ඇය වෙතට ළංව ඇත.

ඒ සමගම ඇය ‘‘අයියේ චුට්ටක් ඉන්න. මම පිටුපස දොර වහලා එන්නම්.’’ යැයි පවසා නිවස තුළට ගියාය. විනාඩියෙන් ඇය ඔහු වෙත යක්ෂාවේශයෙන් මෙන් පැමිණ ඇය රැගෙන ආ භාජනයේ තිබූ දියරයක් ඔහුගේ මුහුණට ඉස ‘‘ඔන්න මගෙන් උඹට තොත්තුවක් නැහැදිච්ච පාහරයා’ කියා බැන වදිමින් අතේ තිබූ කොස්සෙන් දිගට හරහට පහර දෙන්න වූවාය.

ඇය අත තිබූ භාජනයෙන් විසි කළ මිරිස් වතුර නිසා ඔහුගේ හිසේ සිට පහළට මිරිස් වතුරෙන් නැහැවී ගියේය. මිරිස් වතුර ඇස් දෙක දෙසටද යෑම හේතුවෙන් ඇස් දෙකේ පැවති දැවිල්ලත් කොහු මිටේ ප්‍රහාරයත් නිසා නිවෙසෙන් පිටතට දිව යෑමට තැත් කළත් එය ව්‍යර්ථවී තිබේ.

මේ කලබලය හා ඇයගේ කෑ ගැසීම නිසා ඇසල් වැසියෙක් එම නිවෙසට දිවගෙන විත් ඒ වන විටත් මිරිස් වතුරෙන් හා කොසු ප්‍රහාරයෙන් පීඩාවට පත්ව සිටි ඔහු එම ස්ථානයෙන් ඉවත්කරගෙන ගියේය. අසල් වැසියාගේ නිවෙසට රැගෙන ගොස් ඔහුගේ ශරීරයේ ගෑවී තිබූ මිරිස් වතුර පිසදා ප්‍රහාරයෙන් ලත් තුවාලවලට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහලකට රැගෙන ගොස් ඇරලීමට ඔහු පියවර ගත්තේ අසල්වැසියා පත්ව සිටි තත්ත්වය ගැන අනුකම්පාවෙනි.

ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය ඔහු නැවත ගමට නොඑන බව කියමින් ගමෙන් පිටව ගිය බව මේ වනවිට ගමේ හැම තැනකම කතාවන මාතෘකාවක් වී තිබේ.

 



අදහස් (2)

තොත්තුවක් ඉල්ලුවාම හොදි වැස්සකින් නාවලා

podiekaa Tuesday, 17 January 2023 06:17 PM

මම නම් තොත්තුවට ඉස්සෙල්ලා අහන්නේ ,ඔයා නාලද කියලා

:       0       5

pinsiriSaturday, 21 January 2023 05:35 PM

ඔය කියපු විදියටම මම ඇහුව්වනේ. සිහිය එනකොට මම හිටියේ හොස්පිට්ල් එකේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site