IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ටී.වී. රංගනයට ලොල්වී රන් මාලය නැතිකරගෙන

නාඋල පිහිටි රාජ්‍ය බැංකුවකින් උකසට තැබූ රන් මාලයක් බේරාගෙන ආපසු යමින් සිටි කාන්තාවකගේ එම රන් මාලය කොල්ල කෑ පුවතක් නාඋලින් වාර්තා වෙයි.


සිද්ධිය මෙසේය


නාඋල මේල්පිටිය ප්‍රදේශයේ මැදි වියැති කාන්තාවක නාඋල රාජ්‍ය බැංකුවක උකසට තැබූ රන් මාලය  බේරාගෙන ආපසු එමින් සිටිය දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක නම සඳහන් කරමින් ඇයට ත්‍යාගයක් ලබාදීමට අවශ්‍ය බව පවසා ඇත.


රාජ්‍ය බැංකුවට මඳ දුරකින් පිහිටි නාඋල ප්‍රධාන  බුද්ධ මන්දිරය ආසන්නයට යන ලෙස අදාළ කාන්තාවට දැනුම් දීමෙන් අනතුරුව ඔයාගේ සාරියත් ලස්සන වැඩි හින්ද කරේ තියෙන මාලේ ගලවලා බෑග් එකට දාන්න. අපි ඔයාව  ටීවී එකෙන් පෙන්නනවා යැයි ඔවුන් කියා ඇත


පසුව ඇය තම ගෙල බැඳි රන් මාලය ගලවා සිය අත් බෑගයේ දමාගෙන බුද්ධ මන්දිරයේ දෙසට වැඳගෙන සිටියේ ඔවුන්ගෙන් ලැබුණ උපදෙස් අනුවය.


පිටුපසින් ඇගේ වන්දනාව වීඩියෝ ගත කරන බව පැවසූ දෙදෙනා ලද ඇසිල්ලෙන් කාන්තාවගේ අත්බෑගය ද රැගෙන ස්ථානයෙන් පලාගොස් ඇති බව කාන්තාව දැනගෙන ඇත්තේ බුද්ධ වන්දනාව නවතා පිටුපස බලන විටය.


සිද්ධිය කිසිවකුටත් නොකියා පසුව සැමියාට පමණක් කීමෙන් පසු කෙසේ හෝ අවට ගම්වාසීන්ට ද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.


සිද්ධිය වාර්තාවන අන්දමට රූපවාහිනියේ පෙනී සිටීමට ඇති ආශාව නිසා වංචනිකයන්ට හසුවී තමන් සතු රන් මාලය ද අහිමිවීම පිළිබඳ බොහෝ පිරිස් කියා සිටියේ නන්නාඳුනන පිරිස් සම්බන්ධයෙන් වඩාත් අවධානයෙන් කටයුතු කළේ  නම් මෙම සොරුන් පොලිසියට කොටුකර දීමට අවස්ථාව තිබුණ බවයි.

(නාඋල ඉන්දික අරුණ කුමාර)



අදහස් (0)

ටී.වී. රංගනයට ලොල්වී රන් මාලය නැතිකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site