IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ටෙලියක් වලියක් වෙන්න ගිහින් කෙස් ගහෙන් බේරිලා

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
රූපවාහිනියේ විකාශනය වූ ටෙලි නාට්‍යයක චරිතයකට පෙම් බැඳි සැමියා හා බිරිඳ නිවැරැදිව කරුණු අවබෝධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන්  අපහසුතාවට පත් වූ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වෙයි.
ඔවුහු දකුණු පළාතේ ග්‍රාමීය පරිසරයක දිවි ගෙවූ යුවළකි. දූ දරුවන් දීගතල ගොසිනි. තම නිවෙසේ හුදෙකලාව කාලය ගත කළ මෙම යුවළ කාන්සිය මගහරවා ගත්තේ නිරන්තරයෙන් රූපවාහිනිය නැරඹීමෙනි. දිවා කාලයේ ගොවිතැන් කටයුතුවල නියැලු‍ණු ඔවුහු බොහෝ දිනවල සන්ධ්‍යා කාලයේ සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් රූපවාහිනී වැඩසටහන් නැරඹූහ.
එහි විකාශනය කෙරුණු සමහර ටෙලිනාට්‍යවලට ඔවුන් තදින් බැඳී පැවතුණේ කෙසේ ද කිවහොත් ඔවුන් සිතුවේ මෙම සිදුවීම් සත්‍ය සිදුවීම් ලෙසිනි. දිනපතා විකාශනය කෙරුණු එක්තරා ටෙලිනාට්‍යයකට මොවුන් දෙදෙනාගේ සිත් තදින් බැඳී පැවැති අතර, එහි තිබූ චරිතයකට මොවුහු ඉතාමත් ප්‍රිය කළේය. ටෙලි නාට්‍යයේ එම  චරිතය රඟ දක්වන නඵවාගේ ජීවිකාව ‍ගෙන යන්නේ වෙළෙඳාමෙනි.  ඔහු තම පාපැදියෙන් වෙළඳාමේ යන විට තරහකරුවකු ඔහුගේ අතක් ද කඩා පාපැදිය ද ගඟට දමන සිද්ධියක් විකාශනය විය.
එම නඵවා වෙනත් ටෙලිනාට්‍යවල ද දුෂ්ඨ චරිත රඟපාන අතර, පුද්ගලයන්ට ද පහර දෙයි. තමා කැමැති චරිතය රඟ දක්වන නළුවාට පහර දෙනු දුටු ගෙහිමි කත වහාම නැගිට රූපවාහිනිය ළඟට ගොස් අතපය දිගුකරමින් “මුගේ වැඩේ හැමදාම කාටහරි තඩිබාන එකයි” කියමින් ඔහුට දෙස් දෙවොල් තබන්නට වූවාය.


මීළඟ ජවනිකාවේ සිදුවූයේ ගුටි කෑ පුද්ගලයාට පහර දුන් පුද්ගලයා විසින් රුපියල් 25000 ක වන්දියක් දීමට තීරණය කිරීමයි. ටෙලිනාට්‍යය නරඹමින් සිටි ගෙහිමියා නැගිට තම බිරිඳට පැවසුවේ එම මුදල අසාධාරණ බවයි. “රුපියල් 25000 ක මුදලින් මොනව කරන්නද? අත සනීප වෙනකල්  කන්නත් එපැයි. අනෙක බයිසිකලෙත් හදන්නට එපැයි” ඔහු කීවේය. වාදය බොහෝ වේලාවක් ඇදුණේය. අන්තිමේදී ගෙහිමි කත පවසා සිටියේ කමක් නැහැ වෙලාවෙ හැටියට ඒකත් ලොකු මුදලක් යනුවෙනි. එසේ කී ඇය දිගු සුසුමක්ද හෙළු‍වාය.
මේ සිදුවීම දෙස විමසිල්ලෙන් බලා සිටි ඥාති පුතකු පැවසුවේ “නැන්දෙ මාමේ කේන්ති ගන්න එපා ඕක කතාවක්. ඇත්ත සිද්ධියක් නෙවෙයි” යනුවෙනි.
සිද්ධිය වටහාගෙන මුහුණින් මුහුණ බලාගත් දෙමහල්ලන් පැවසුවේ “අනේ පුතේ ඒකත් අමතක වුණානේ” කියමිනි.



අදහස් (0)

ටෙලියක් වලියක් වෙන්න ගිහින් කෙස් ගහෙන් බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site