IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ටියුෂන් පෝස්ටර් ගහන්න ගිහින් අනූනවයෙන් බේරිලා


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත


මහ මැතිවරණ නිහඬ කාලයේදී ටියුෂන් ගුරාටයි ගෝලයන් රොත්තටයි කවදාවත්ම අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ කතාවක් ගාලු‍ දිසාවෙන් අසන්නට ලැබේ.

පහු ගිය දවස්වල එක එක පක්ෂයේ එක එක අය තමන්ගේ ටියුෂන් පන්තිය ගැන ගසා තිබූ දැන්වීම් උඩින් දැන්වීම් ගසා අලවා තිබෙනු මේ ටියුෂන් ගුරුට දැකගත හැකි විය. ඒ පිළිබදව ඔහු සිටියේ දේශපාලනඥයන් සමග දැඩි කේන්තියෙනි. කේන්තිගත්තත් කරන්න දෙයක් නොහැකිවූ තැන ඔහු, රෑ යතුරු පැදි තුනකින් ගෝලයන් පස් දෙනෙකු සමග ගියේ නැවත වතාවක් තමන්ගේ ටියුෂන් පන්තිය ගැන දැන්වීම් ඇලවීමටය. ඒ මේ මැතිවරණ නිහඬ කාලය නිසා දේශපාලනඥයන් දැන්වීම් නොඅලවන බව ඔහු දැනගෙන තිබූ නිසාය.

ටියුෂන් ගුරු ගෝලයන් රොත්තත් එක්ක දැන්වීම් ඇලවීමේ කාර්යයේ නිරතවෙමින් සිටියේය. එක ස්ථානයක දැන්වීම් අලවා තවත් ස්ථානයක දැන්වීම් ඇලවීමට මේ ගුරයි, ගෝලයෝ රොත්තයි යතුරුපැදිවලින් යමින් සිටියහ. එකකු අත පාප්ප බාල්දියය. අනෙකුන් අතේ පිළිවෙළකට ඔතා තිබූ දැන්වීම්ය.

එක පාරටම ඔවුන් ගමන් ගන්නා මගේ ඔවුන් පිටුපසින් පැමිණි ජීප් රථයක් ඔවුනට ඉස්සර කර පාර හරහා නතර කළේය. ඒ ඔවුනට ඉදිරියට ගමන් ගැනීමට නොහැකි අයුරිනි. ජීප් රථයේ සිටියේ පොලිස් නිලධාරීන්ය. එහෙනම් තොරතුර හරියටම හරි ජීප් රථයෙන් බැස එක් පොලිස් නිලධාරියෙක් කීවේය.

‘‘තමුන්ලා මේ මැතිවරණ නිහඬ කාලයේ මෙහෙම පෝස්ටර් ඇලවීම හරිද’’ යයි තවත් පොලිස් නිලධාරියෙක් මවාගත් පොලිස් තේජසින් ඇසුවේය. ‘‘කතා කර කර ඉන්න වෙලාවක් නැහැ කට්ටියම යමු පොලිසියට’’ යයි ඔහු ටියුෂන් ගුරුටයි ගෝලයන්රොත්තටයි අණ කළේය. ගුරයි ගෝලයොයි අන්දමන්ද වූහ. දැන්වීම් ගසන්න ගොස් තමන්ට කවදාවත්ම කඩාපාත් නොවුණු මේ මරාලය මොකක්දැයි ඔවුහු සිතූහ.

 ‘‘සර් මම අසවල් ටියුෂන් සර්. මේ දැන්වීම් සියල්ල මගේ පන්තිය පිළිබදව, මම ගහලා තිබුණු දැන්වීම් උඩින් දේශපාලනඥයන් දැන්වීම් අලවලා, ඒ දැන්වීම් උඩින් මගේ දැන්වීම් අලවන්නයි ආවේ. මෙන්න ඒ දැන්වීමක්’’ යයි ගුරා පෙන්වූ විට ජීප් රථයෙන් පැමිණි පොලිස් නිලධාරීන් ආපසු ගියේ දුරකතනයෙන් නිර්නාමික තොරතුර දුන් අයගේ මවුපියන් සිහිකරමින්ලු‍.

 



අදහස් (0)

ටියුෂන් පෝස්ටර් ගහන්න ගිහින් අනූනවයෙන් බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site