IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ටියුෂන් ගුරුවරිය 15 වියැති සිසුවාත් සමග අතුරුදන්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
තම උපකාරක පන්තියට පැමිණි 15 හැවිරිදි සිසුවකු සමග ඇති කරගෙන ඇති බව කියන පෙම් සබඳතාවක් මත පැනගිය බව කියන 27 හැවිරිදි ගුරුවරියක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි.


උපකාරක පන්තිය අවසානයේ තම පුතු අතුරුදන්වී ඇති බවට එම මව්පියන් ද තම බිරිය අතුරුදන් බවට ග්‍රාමාරක්ෂක භටයකු වූ ඇයගේ සැමියා ද පොලිසිය වෙත පැමිණිලිකර ඇත.


අතුරුදන් උපකාරක පන්ති ගුරුවරිය හා සිසුවා දුර ප්‍රදේශයකින් ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන ගමෙන් පිටත්ව ගොස් තිබෙන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබේ.


ඔවුන් නුවරඑළියේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (11) වැලිගම සිට නුවරඑළිය දක්වා පිටත්ව ගියහ.


එක්දරු මවක වන කාන්තාව තම ගමේ ළමයින් හත් අට දෙනකු නිවසට කැඳවාගෙන ලෑලි මඩුවක ගණිතය ඇතුළු විවිධ විෂයයන් උගන්වන උපකාරක පන්තියක් පවත්වා තිබෙන බව පොලීසිය කියයි.


ඒ හැරෙන්න ඇයට විධිමත් වූ ගුරු පත්වීමක් නොමැති බව පොලීසිය කියයි.


අදාළ උපකාරක පන්තිය වෙත 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවාද පැමිණ ඇති අතර උපකාරක පන්ති ගුරුවරිය ඇයගේ රන් ආභරණ ද සිසුවා ඔහුගේ හා සිය මවගේ රන් මාල ද යන විට රැගෙන ගොස් තිබෙන බව කියති.


එම දෙදෙනා අතර පෙම් සබඳතාවක් පැවැති බවට සැක කළ හැකි පෙම් හසුනක ඉරා දමන ලද කොටසක් කුණු බඳුනක තිබී පොලිසියට හමුවී ඇත.


මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්. අබේසේකර මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.



අදහස් (4)

ටියුෂන් ගුරුවරිය 15 වියැති සිසුවාත් සමග අතුරුදන්

pakeer Monday, 12 October 2020 06:38 AM

හිනාව නවත්වගන්න බැහැ

:       0       2

Walter WhiteThursday, 15 October 2020 01:56 AM

මොකක් නිසාද හිනා යන්නේ? මෙතැන වයසෙන් අඩු දරුවෙක් අපහරණය කරලා තියෙනවා, ඒ දෙය කලේ ගෑනු මනුස්සයෙක්, අපහරණය වුනේ පිරිමි දරුවෙක් කියල එතන කිසිම වෙනසක් නැහැ, ඒ වැඩිහිටියෙක් නොකළ යුතු දෙයක්.

:       1       3

banda Thursday, 15 October 2020 11:01 AM

ආදරයට වයස බාධාවක් නොවේ. අපි ඔබ දෙදෙනාගේ අනාගතයට සුබ පතමු.

:       1       4

ජගත් අම්බලන්ගොඩගේ Friday, 16 October 2020 01:33 AM

ඕවා මොනවද? ඔයිට හපන් වැඩ කොච්චරක් මේ පැත්තේ වෙනවද?. ලැජ්ජා බය නැත්නම් මොනවද අනේ කරන්න බැරි...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site