(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ජැංඩියට ඇඳගෙන මහ මගට පැමිණි කතකගේ ඇඟ මතට ඉදුණු වැළ ගෙඩියක් පතිතවීම නිසා ඇය අසරණතාවට පත්වීමේ පුවතක් කුරුණෑගල බඩගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
රාජ්‍ය සේවයේ නියැලෙන ඇය සාරියක් ඇඳගෙන උදේම පාරට පැමිණ සිටියේ කුරුණෑගල සිට දඹුල්ල දෙසට ධාවනය වන බස් රථයක් එනතුරාය.
වෙනදත් බසයක් එන තුරා රැඳී සිටින සුපුරුදු සීමාවේ ඇය මෙදින ද රැඳී සිටියාය. තවත් යෙහෙළියන් පිරිසක් කැටුව ඇය නැවතී සිටියේ බඩගමුවේ රක්ෂිත සීමාවේ කොස් ගසක් යටය.
ගස මත සිටි රිළවෙකු ඉදුණු වැළගෙඩියක් ඩැහැගෙන අත්ත මතින් යන අතරවාරයේ එය ඉන් ගිලිහුණේය.
ගස යට සිටි කාන්තාවගේ හිස මතට එය වැටුණේය. ඉදුණු වැළ වරකා පැණි ඇඟ දිගේ හැට්ටය හා සාරිය ඔස්සේ ගලා බසින්නට විය. ලැජ්ජාවෙන් ඇඹරුණු ඇයගේ සාරිය තුළ තිබෙන වැළ හා පැණි කොටස් ඉවත් කරන්නට අවට සිටි යෙහෙළියෝ උත්සාහ කළහ.
එහෙත් එම සාරිය ගලවා ඉවත් කරන තුරු ඇයට සැනසීමක් නොවීය. ඒ සමගම පැමිණි බස් රථයකට යෙහෙළියෝ ගොඩ වූහ.
ඇය බසයට ගොඩ නොවී එහි නැවතුනාය. සිදු වූ අකරතැබ්බය ඇය නිවසට දැනුම් දුන්නාය.
සැමියා වහා යතුරුපැදියෙන් පැමිණ ඇය ගෙදරට රැගෙන යාමට කටයුතු කර ඇතත් ඇයගේ ඇඟට ඉදුණු වැළගෙඩිය වැටීමෙන් උරහිසට තෙල් බෙහෙත් වෙදකම් කිරීමට සිදු වී තිබෙන බවත් දැනගන්නට තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1859
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1498
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජැංඩියට හැඳි කතගේ ඔළුවට රිළවා තොප්පියක් දාලා
චමිලා Saturday, 11 July 2020 12:54 PM
මොරගොල්ලාගම සිසිර කැලේගම නැමති වාර්තාකරුවා රජයේ නිලධාරිනියන් ජැන්ඩියට ඇඳපැළඳ සිටීම නුරුස්සන්නෙක් බව ඉතාම පැහැදිලියි.
sarath perth Monday, 13 July 2020 05:12 AM
ඉරිසියාවද කුහකකමද? අනුකම්පා සහගතව ඉදිරිපත්කරානම් වඩා හොඳයි.