IMG-LOGO

ඡන්ද දායකයන්ට බලාගන්න මනාප පෝස්ටර් ඇළේ පා කරලා

කොරෝනා පැතිරයාම වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ගෙන්ගෙට ඇවිදීම සීමා කිරීම නිසා  තමන් සහාය දක්වන   අපේක්ෂකයාගේ ඡන්ද ලකුණ හා මනාප අංකය මහජනතාව   අතරට රැගෙන යෑමට ආධාරකරුවකු යොදාගත් අපූරු උපායකි.


සිද්ධිය මෙසේය.


ඔහු මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකි.


 කොරෝනා වසංගතය හේතුවෙන් ගෙන්ගෙට ගොස් සිය ඡන්ද ප්‍රචාරක කටයුතු කර  ගැනීමට නොහැකි වීම නිසා ඔහු ඒ  සඳහා කළ යුත්තේ කුමක්දැයි සිය ආධාරකරුවන් ගෙන්වා සාකච්ඡා   කළේ කෙසේ හෝ මෙවර  මැතිවරණයෙන් තමුන් පාර්ලිමේන්තුවට  යා යුතු බව පසක් කරමිනි.


ඡන්ද ව්‍යාපාරය කරගෙන යෑම සඳහා  ආධාරකරුවන් විවිධ යෝජනා ගෙන ආ අතර ඇතැම් ඒවා අලු‍ත් ම උපායමාර්ග වීම නිසා ඒවා රහසේ ක්‍රියාවට නංවන   ලෙසද අපේක්ෂකයා තම පිරිසට කියා සිටියේ එම උපායමාර්ග සෙසු   අපේක්ෂකයන් අතට පත්වීම තමුන්ට අවාසියක් බව පහදා දෙමිනි.


  මේ අතර පළාතේ විශාල  ගොවි ජනපද කීපයකට දියවර සැපයෙන ප්‍රධාන වාරිමාර්ගයක් ආසන්නයේ සිට පැමිණි ආධාරකරුවකුගෙන්  අපේක්ෂකයාට ලැබුණේ අපූරු උපායක් මාර්ගයකි.


‘‘සර් පෝස්ටර් ටික  බෙදන්න හොඳ ක්‍රමයක් තියෙනවා. අපේ ගම්මාන විශාල ප්‍රමාණයක් හරහා ගලා බසින ඇළ මාර්ග කීපයක්ම තියෙනවා. මිනිස්සු හැම වෙලාවෙම නාන්න, වතුර ගෙනියන්න, ඒ ඇළ මාර්ගවලට   එනවා.  සමහරු අඩියක් ගහන්න හිතුනමත් එන්නේ ඇළට.   ඇළේ තැන් කීපයකින්  විනාඩි දහයකට පහලොවකට සැරයක්   පෝස්ටරයක් ගානේ වතුරට දාල පාකරල  එවුව නම් ඒවා ලෙහෙසියෙන්ම මිනිස්සු අතරට යවන්න පුළුවන්.  මේ සමහර ඇළවල් කිලෝමීටර් දහයක් පහළොවක් දුරයි. ඇළ මාර්ග පහ හයක් තියෙනවා.   කිසිම වියදමක් නැතුව වැඩේ කරන්න පුළුවන් ‘‘ආධාරකරුවාගේ උපාය මාර්ගයට ඇතැමුන් සිනාසුන ද ඔහු පළාත් පාලන මැතිවරණයේදීද එය සාර්ථකව ක්‍රියාවට නැංවූ බව එම සභාවෙන්ම කියවුනෙන්   එය  අපේක්ෂකයාගේ හිත දිනා ගන්නට තරම් ප්‍රමාණවත් යෝජනාවක් විය.


 ඒ   සම්බන්ධයෙන් දැඩි  උද් යෝගයකින් කතා කළ  අපේක්ෂකයා තම බල ප්‍රදේශවල මිනිසුන් දිය නාන ඇළ මාර්ග ඇති බොහෝ දෙනෙකුට එම උපාය ක්‍රියාවට නැංවීමට උපදෙස් දුන්නේ ඔවුන්ට වැඩිපුරත් පෝස්ටර් මිටිය බැගින් ප්‍රදානය කරමිනි.

 

(වියලු‍ව වාර්තාකරු)

 



අදහස් (2)

ඡන්ද දායකයන්ට බලාගන්න මනාප පෝස්ටර් ඇළේ පා කරලා

jayantha Saturday, 13 June 2020 06:18 PM

කොච්චර මෝඩ අදහසක්ද? මෙහෙ අය තාම මිනිස්සු යවන්නේ කොහොමද මොලේ තියන වැඩක් කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ... ?

:       0       23

Akila Sunday, 14 June 2020 07:03 AM

මේ වගේ අයව තමයි අපි පාර්ලිමේන්තුවෙන් එළවන්න ඕනේ... ඒ ප්‍රදේශයේ ජනතාවට බයයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site