IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘චීස් හොරා’ කරෙන් පෙනේ

තොග හා සුපිරි වෙළෙඳසල් හිමියා චීස් හොරාට දුන් අපූරු දඬුවම නිසා එම වෙළෙඳසලේ සිදුවූ අනෙක් සොරකම් ද නැවතුණු පුවතක් වතුගෙදරින් වාර්තා වේ.


වෙළෙඳසලට ගෙන එන ලද චීස් අලෙවි වනවාට වඩා අස්ථානගත වන බව වෙළෙඳසල් හිමියාට දැනුනේ කාලයක් ගතවීමෙන් පසුවය. ඔහු මේ නිසාම සිය වෙළෙඳසලේ ගබඩාකර තිබූ චීස් තොගයට ඇහැ ගහගෙනම සිටියේය.


සිය වෙළෙඳසලේ චීස් හොරා පිළිබඳව යම් යම් ඉඟි ලැබුණත් එය හරියටම අතට අසුවන තෙක් වෙළෙඳසල් හිමියා තවත් කාලයක් බොහෝ සීරුමාරුවට බලා සිටියේය.


දිනය උදාවිය. චීස් හොරා යයි සැකකෙරෙන පුද්ගලයා එදා ද වෙළෙඳසලට ආවේය. වෙළෙඳසල් හිමියාගේ දෙනෙත ඔහු වෙත ගියේ මේ පුද්ගලයාට හොරෙන්ය. මේ පුද්ගලයා වට පිට බලා චීස් පෙට්ටියක් කලිසම් සාක්කුවේ දමා ගත්තේය. ඉන් අනතුරුව වෙළෙඳසලෙන් තවත් පාරිභෝගික භාණ්ඩ කිහිපයක්ද මිලදී ගෙන  වෙළෙඳසලේ තිබූ කූඩයක දමාගත් ඔහු ඊළඟට ගියේ ගත් භාණ්ඩවල මිල ගෙවා දැමීමටය. මේ සියල්ලම වෙළෙඳසල් හිමියා බලා සිටියේය.


වෙළෙඳසල් හිමියා කිසිවක් නොදන්නා මෙන් කූඩයේ තිබූ භාණ්ඩවල මිල යන්ත්‍රයේ සටහන් කළේය. මහත්තයා ගත්ත බඩු එච්චරයි වෙළෙඳසල් හිමියා ඔහුගෙන් ඇසුවේය.


“හා ඔව් ඔව් ඇයි ඇයි” යයි ඔහු ඇසූ විට වෙළෙඳසල් හිමියා ‘එහෙනම් මහත්තයා ඔයා හොරෙන් කලිසම් සාක්කුවට දමාගත් චීස් පෙට්ටිය ගන්නකෝ” යි වෙළෙඳසල් හිමියා කී විට ඔහු ලැජ්ජාවෙන් වෙව්ලන්නට විය. ඒ සැණින් ඔහු අල්ලා ගත් වෙළෙඳසල් හිමියා, වෙළෙඳසලේ තිබූ කාඞ්බෝඞ් පෙට්ටියක් කඩා එහි තිබූ මාකර් පෙන් එකකින් “මම චීස් හොරා ගත්තා” යයි කාඞ්බෝඞ් එකේ ලියා වෙළෙඳසලෙන්ම සොයා ගත් ගෝනි නූලක්ද ගෙන  එම කාඞ්බෝඞ් එකේ දෙපැත්තෙන් විද ඔහුගේ ගෙලේ දමා ප්‍රදර්ශනය කිරීමට සලස්වා එම අවස්ථාව ඡායාරූපයටද නගා ඔහුට නිවසට යන්න ඉඩ හැරියේය.


“චීස් හොරා” යනුවෙන් වෙළෙඳසල් හිමියා සිය කාර්ය එතැනින් නතර නොකළේය. ඔහු චීස් හොරකම් කළ කෙනා “මම චීස් හොරා” යයි බෝඞ් එකක් එල්ලාගෙන සිටියදි ගස් ඡායාරූපය වර්ණ රසායනාගාරයකට ගොස් ඉතා විශාල කර සිය වෙළෙඳසලේ ඉදිරිපිට ප්‍රදර්ශනය සඳහා එල්ලා  තැබුවේය.


වෙළෙඳසල් හිමියා ගත් මේ පියවරත් සමගම එම වෙළෙඳසලේ මෙතෙක් සිදුවූ අල්ලා ගැනීමට නොහැකිව තිබූ ලොකු ලොකු හොරකම් මෙන්ම පොඩි පොඩි හොරකම් ද නතර විය.
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)



අදහස් (0)

‘චීස් හොරා’ කරෙන් පෙනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site