IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චරිත සහතිකය ගත් තරුණයා සාමවිනිසුරුගේ සෙරෙප්පු දෙකටත් විදලා

 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
රැකියාවකට චරිත සහතිකයක් ගත් සාම විනිසුරුවරයාගේ පාවහන් යුගලටත් විද්ද තරුණයකු පිළිබඳ පුවතක්  අසන්නට ලැබෙන්නේ ගාලු දිසාවේ අලුත් වළක් ඇති නගරයකිනි.


 මේ තරුණයාට රැකියාවක සම්මුඛ පරීක්ෂණය සඳහා චරිත සහතිකයක් ප්‍රදේශයේ සාම විනිසුරුවරයාගෙන් ගෙනයාම අනිවාර්ය වී තිබිණ. ඒ නිසාම ඔහු සිය ගමේ සිටින සාම විනිසුරුවරයාගේ නිවෙසට ගියේය. මේ තරුණයාගේ චරිතය පිළිබඳව අල්පමාත්‍රාවක තරමකවත් සැකයක් නොසිතූ සාම විනිසුරුවරයා ඉතාම ඉහළින් ඔහුගේ චරිතය සහතික කළේය. එයින් උද්ධාමයට පත් තරුණයා සාම විනිසුරුවරයාගේ දෙපා අල්ලා වැන්දේ රැකියාව ලැබුණු පසු තමා නැවත එන බව පවසමිනි.


 තරුණයා නිවෙසින් ගිය පසු සාම විනිසුරුවරයාට හදිසි අවශ්‍යතාවකට නගරයට යාමට සිදුවන්නේ ඔය අතරේදීය. සිය නිවෙසේ උළුවස්ස ළඟ ගලවා තිබූ ඊයේ පෙරේදා මිලදී ගත් පාවහන් යුගල ඔහු සොයන්නේ එම ගමන යාමටය.

සුපුරුදු ස්ථානයේ තබා තිබූ තමාගේ අලුත් පාවහන් යුගල වෙනුවට හොඳටම ගෙවී ගිය පාවහන් යුගලක් සාම විනිසුරුවරයාට දැක ගන්නට ලැබෙන්නේය. 


එදා දවසටම කවුරුත් නොපැමිණි නිසා තමාගේ අලුත් පාවහන් යුගල දමාගෙන යන්නට ඇත්තේ චරිත සහතිකයක් ගැනීමට පැමිණි තරුණයා යයි සාම විනිසුරුවරයා සැකකරනුයේ ඊට වෙන සැකකරන්නට කෙනෙකු නොමැතිවූ නිසාවෙන්ය.


මේ සැකය ද සිත තුළ තබාගෙන සාමවිනිසුරුවරයා තමාගෙන් චරිත සහතිකය ගත් තරුණයාගේ නිවෙසට යන්නේ ඔය අතරවාරයේ දීය. තමාගේ සැකය මල් පල ගැන්වී ඇති බව ඔහුට වැටහෙන්නේ ඒ වනවිටත් චරිත සහතිකය ගත් තරුණයාගේ නිවසේ දොර පාමුල තමාගේ අලුත් පාවහන් යුගල ගලවා තිබෙනු දැකීමත් සමගය.


 මේ සිදුවීමෙන් තරමක් කේන්ති ගිය සාම විනිසුරුවරයා තරුණයා කැඳවා මේ කළ නොහොබිනා වැඩේට තදින්ම අවවාද කළේ ඔහුගේ චරිතය ගැන සොයා නොබලා තමන් දුන් චරිත සහතකය ගැන ඉතාම කනගාටුවන බව ද කියමිනි. 

 



අදහස් (0)

චරිත සහතිකය ගත් තරුණයා සාමවිනිසුරුගේ සෙරෙප්පු දෙකටත් විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site