IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


චාරිකාවේ මිතුරියන් අතර කරවල මාරුවී අලකලංචියක්

පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි 
ඉකුත්  දීර්ඝ සති  අන්තයේ  චාරිකාවක යෙදුණු පිරිසක සිටි කාන්තාවන් දෙදෙනකු චාරිකාව  අතරතුර මිලදීගත් කරවල පාර්සල් දෙකක් මාරුවීමෙන් සිදුවූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
  ප්‍රදේශයේ ⁣ සුබසාධක සංගමයක් මගින් සංවිධාන කර තිබූ  මෙම චාරිකාව සඳහා අසල ගම් දෙක තුනක   පිරිසක්  සහභාගි වූහ. 
චාරිකාවේ පළමු දින අනුරපුර ප්‍රදේශ⁣යේ වන්දනාමාන කරගත් පිරිස දෙවන දිනයේ ත්‍රිකුණාමලය බලා පිටත් වූහ. ත්‍රිකුණාමලයට යන අතරමග මුත්තූර් ප්‍රදේශ⁣යේ කරවල වෙළෙඳසල් අසල රියැදුරා බස් රථය නතර කළේ අවශ්‍ය කෙනෙකුට කරවල මිලදී ගැනීම සඳහාය. 
ඒ අනුව බොහෝ දෙනෙක් විවිධ වර්ගයේ කරවල මිලදී ගත් අතර ඒවා පාර්සල් කර සුරක්ෂිතව  තම තමන් ඉඳගෙන සිටි ආසන යටින්ම තබා ගත්හ.
චාරිකාවේදී හඳුනාගත් අසල ගම් දෙකක කාන්තාවන් දෙදෙනකු එකම ආසනයේ දෙපස ඉඳගෙන සිටි අතර චාරිකාව අවසන් වන විට ඔවුන් දෙදෙනා ඉතා සමීප මිතුරියන් දෙපළක් බවට පත් වූහ. චාරිකාව අවසන් කර ගම්බිම් බලා එද්දී එක් මිතුරියක් අතරමගින්  බැස ගියේ ඇගේ නිවෙස එම ප්‍රදේශයේ බැවිනි .


අනෙක් මිතුරිය නිවෙසට ළඟාවන විට මධ්‍යම රාත්‍රිය ආසන්නව  තිබූ බැවින් බෑග් බඩුමුට්ටු අස්පස් නොකරම නින්දට වැටුණේ ගමන් මහන්සිය නිසාමය.
පසුදින දහවල්වී අවදිවූ ඇය කෑම පිසීමට සූදානම් වූයේ පවුලේ සෙසු අයට හොඳ කට්ට කරවල බැදුමක් සමඟ කෑම පිළියෙල කරදීමේ අටියෙනි .
තමන් රුපියල් දෙදහසකට කට්ට කරවල කිලෝවක් ගෙනා බැව් සිය සැමියාටද පැවසූ ඇය ඔහු ඉදිරිපිටම කරවල පාර්සලය දිගහැරියාය. නමුත් එහි තිබුණේ කට්ටා කරවල නොව රුපියල් තුන්සීයේ සාලයා කරවල කිලෝවකි. අනේ දෙයියනේ කියමින් ඇය දෑත් හිසේ ගසා ගත්තාය.
ඉකුත් දින දෙකේ කටට රසට කෑමක් නැතුව සිටි සැමියා ”‍ මදැයි කට්ට කරවල බැදුමයි බතුයි කෑව හැටි”‍ කියමින් බිරිඳට සරදම් කරන්නට විය.
 ගමන් මිතුරිය හිතාමතාම තම කරවල පාර්සලය රැගෙන ගියාද වැරදීමකින් රැගෙන ගියාද යන දෙගිඩියාවෙන් පසුවන ඇය  ගමන් මිතුරියගෙන් දුරකතන ඇමතුමක් ලැබෙන තුරු බලා සිටිනවාලු‍.

 



අදහස් (0)

චාරිකාවේ මිතුරියන් අතර කරවල මාරුවී අලකලංචියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site