(වියලුව වාර්තාකරු)
ඉදිකිරීම් සමාගමක සේවය කරන චීන කම්කරුවකුට බුලත් විට කන හැටි උගන්වා ඔහුට හුණු තැවැරූ බුලත් කොළයක් දුන් සිංහල කම්කරුවෙකුට සිය සාක්කුවට අත දමා දුංකොළ කෑල්ලක්, පුවක් කැබැල්ලක් හා කරාබු නැටි කීපයක් දිගු කළ චීන කම්කරුවෙකු පිළිබද පුවතක් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
එය චීන සමාගමක් යටතේ සිදු කෙරෙන මාර්ග ව්‍යාපෘතියකි. චීන ජාතික කම්කරුවෝ මෙන්ම සිංහල ජාතික කම්කරුවෝ ද එහි ඉදිකිරීම්වල නිරත වුහ.
භාෂාව බාධකයක් වුවද හස්ත සංඥා යොදා ගනිමින් සිදුකරගත් අදහස් හුවමාරුව නිසාම දෙපාර්ශ්වයේ පිරිස ටික කලකදීම කුලුපග මිතුරන් විය.
සිංහල කම්කරුවෝ චීන ජාතිකයන්ට තම ආහාර පානවලින් සංග්‍රහ කළ අතර සිංහල භාෂාවේ ඇතැම් වචන ද කියා දුන්හ.
චීන ජාතිකයෝ ද ඔවුන් සතු දුම්වැටිවලින් මෙන්ම විවිධ ආහාරවලින්ද සිංහල කම්කරුවන්ට සැලකීමට අමතක නොකළහ.
සිංහල කම්කරුවෙකු දිනක් ආහාර විවේකයේ දී බුලත් විට කන හැටි චීන ජාතිකයෙකුට කියාදී හුණු ටිකක් තැවැරූ බුලත් කොළයක්ද ඔහු අත තැබුවේ ඒ සඳහා ඇවැසි සෙසු කළමනා තමා අත නැති බව හස්ත සංඥාවෙන් කියා පාමිණී.
ඒ මොහොතේ චීන ජාතිකයා සිය පසුම්බියට අත දමා පුවක් කැබැල්ලක්, කරාබු නැටි කීපයක් මෙන්ම දුංකොළ කැබැල්ලක් ද සිය සිංහල ජාතික මිතුරා අත තැබුවේ විට කෑමට බුලත් හා හුණූ පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා දුංකොළ හා පුවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බවත් පැහැදිලි සිංහලයෙන්ම සිය සිංහල මිතුරාට කියා දෙමිනි.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන කම්කරුවා සිංහල කම්කරුවාගේ කනෙන් රිංගලා
himal Monday, 27 November 2017 06:15 AM
කවුරුවත් කාගෙවත් කනෙන් රිංගලා නෑ. දෙන්නම හොඳ යාළුවො බවයි ප්‍රවෘත්තියෙන් පේන්නේ.
BamunuarachchiThursday, 30 November 2017 06:12 AM
හරියට හරි කවුරුත් කාගෙවත් කනින් රිංගන්න හදලා නැත....... තමාට තිබෙන විදිහට ළඟ සිටි කෙනාට සංග්‍රහ කර සිංහල කම පෙන්වා ඇත. දැන් නායකයින් කියන්න දැන් ඒගොල්ලන්ගේ කන් ඉස්සරට වඩා හිඳින් ඇහෙන බවයි.
sam Monday, 27 November 2017 06:56 AM
අද මෙන් විශාල ශ්‍රී ලාංකික පිරිසක් මෙල්බර්න් වල නොසිටි, මීට වසර විසිපහකට පමණ පෙර කාලයක, අපේ මිතුරෙකුගේ මගුල් ගෙදරකදී විවාහ රෙජිස්ට්‍රාර්වරිය (ඕස්ට්‍රේලියානු කාන්තාවක්) කිරිබත් සමග හරි හරියට ලුණු මිරිස් බෙදා ගන්නවා දුටු අයෙක් ඇයට ලුණු මිරිසේ "සැර" ගැන කියා දෙන්න ගියා. ඇය ගත් කටටම මේවා කට්ට සම්බල් බවත් අපට වඩා හොඳට ඇයට මිරිස් කන්න පුළුවන් බවත් කිව්වා පමණක් නොවෙයි ඒක ඔප්පු කරලාත් පෙන්නුවා.
NIMAL Friday, 01 December 2017 06:03 AM
බුලත්විට උපත ගැන මම අහල තියෙන්නේ චීන ජන කතාවක්. මම හිතන්නේ චීන්නු ඒ ගැන දන්නවා.