(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වැඩි ලාබයක් ගැනීමේ අදහසින් කොච්චි කිලෝවකට රුපියල් එකසිය පනහක් දෙන්නම් යැයි කී වෙළෙන්දකුට අන්තිමේ නොමිලේ ලැබුණු කොච්චි මිටකින් සෑහීමට පත්වන්නට සිදුවූ පුවතක් පසුගියදා මීරිගමට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
ගොවියෙක් තම වගාවෙන් කඩා ගත් කොච්චි අස්වැන්න විකීණීමට ගියේය. කිලෝ හත අටක් ඔහුගේ මල්ලේ තිබිණි. දන්නා අඳුනන කඩයකට ගිය ඔහු ‘කොච්චි ගන්නවාදැයි’ ඇසුවේ දැඩි හිතවත්කමිනි. මේ දිනවල කිලෝව පන්සියයටත් වැඩියෙන් මිල නියම වෙන බව දැනගත් වෙළෙන්දා ‘ඔයාට හින්දා කිලෝවට එකසිය පනහක් දෙන්නම්’ යැයි පැවසුවේ නියම කළුකඩකාරයෙකුගේ ගති ඉස්මතු කරමිනි.
ගොවියාද ඊට දෙවැනි නැත. කිසිත් නොදෙඩූ ඔහු කොච්චි මල්ල රැගෙන පා ගමනින්ම ගියේ නගරයටය. තමන්ට සාධාරණ මුදලකට තමන්ගේ අස්වැන්න විකුණා ගැනීමට ඔහු සමත් වූයේය. හොඳ මුදලක් අතට ගත් ඔහු නිවසට අවශ්‍ය ආම්පන්නද මිලදී ගෙන කුලී රියකින් ගෙදර ආයේය.
සියල්ල නිවසේ තැබූ ඔහු යළි ගියේ කොරටුවටය. කොච්චි මිටක් කඩා ගත්තේය. එයත් අත මිට මොලවාගත් ඔහු යළි ගියේ ගමේ කඩේටය. මුදලාලිගේ අතමිට මෙලවූ ගොවියා ‘ඔයාටත් සම්බෝලයක් කන්න කොච්චි මිටක් මම ගෙනාවා’ යි කීවේ කට කොනකට නගාගත් සිනාවක්ද ඇතිවය.
ගොවියා තමන් කරන්නට ගිය කපටිකමට එක එක කිරීමක් කරන බව තේරුම් ගත් මුදලාලි කිසිත් නොදොඩා බිම බලාගෙන ඇතුළට ගියේ තවත් කීපදෙනකු බලා සිටි නිසාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගොවියාට ගේමක් දෙන්න ගිහින් මුදලාලි අැනගෙන