IMG-LOGO

ගෑස් ටැංකියට අරක්කු ගහන්න ගිහින්

(තිහගොඩ උපසේන ලියනගම)
මත් වතුරට ඇබ්බැහි වී සිටි ඔහු ගම්පහ නගරාසන්නයේ ජීවත් වූ සිව් දරු පියෙකි.


කොරෝනා වසංගතය නිසා සියලුම තැබෑරුම් වසා දැමීම නිසා පීඩාවට පත්ව සිටි ඔහුට තරමක් ඈතින් පිහිටි උප නගරයක තැබෑරුමක් රහසේ විවෘත කර ඇති බවට ආරංචියක් ලැබිණි.


ඇඳිරි නීතිය මැද එහි යාමට උපායක් සිතූ ඔහු තම යතුරු පැදියේ ගෑස් ටැංකිය බැඳගත්තේ ඊට පිළියමක් ලෙසටය.


තැබෑරුම් හල අසලට ගිය විට එහි ගනුදෙනුකරුවන් නොවූවත් ඉදිරිපස දොර විවෘතව පැවති නිසා යතුරු පැදිය නවතා තැබෑරුමට ගොස් එබී බැලූ විට ඔහුට තරු පෙණුනා.


එහි සිටියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකි.


‘‘ඇයි? පොලිස් නිලධාරියා විමසුවෙන් තැතිගත් ඔහු 
‘‘මම සර්, ගෑස් ගහන්න යන ගමන් මේක ඇරපු නිසා එබිල බැලුවා.’’ කීවේ බියෙන් වෙවුලමිනි.


‘‘ඇයි, ගෑස් ටැංකියට අරක්කු ගහන්නද?’’ ඇසූ පොලිස් නිලධාරියා ඔහුට දැඩි සේ අවවාද කොට ඇඟ පතද පරීක්‍ෂාවෙන් පසු මුදා හැරියෙන් ඔහු යළිත් ගෑස් ටැංකිය සහිත යතුරු පැදියට නැග්ගේ දුක්මුසු බැල්ලමක් හෙළමිනි.



අදහස් (0)

ගෑස් ටැංකියට අරක්කු ගහන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 431 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site