IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගොවියන්ගෙ හිතේ අමාරුව මකන්න රිළවු අලුත් වැඩක් පටන් අරන්

කෘෂිකර්මාන්තයේ ප්‍රගතිය මෙන්ම ඒ හා සම්බන්ධ ගැටලු ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු රැස්වීම් පැවැත්වේ. එදින කෘෂිකර්ම කමිටු  රැස්වීමේදී වඳුරන්, රිළවුන් වැනි වන සතුන් නිසා වගාවට වන හානි පිළිබඳව අදහස් ඉදිරිපත් කළ බොහෝ දෙනා ඒ සඳහා විසඳුමක් පිළිබඳව සාකච්ඡා  කරමින් තිබිණි. 


එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් චින්තක අබේවික්‍රම මහතා ‘වඳුරො, රිළවු ගස්වල හැදෙන ගෙඩි ගැට කාලෙම කාල වැඩි හරියක් බිම දානවා. කිසිම ගහක ගෙඩියක් පැහිල කන්න ලැබෙන්නේ නැහැ. ඒක දැක්කම ඒවායේ අයිතිකාරයන්ට හරියට හිතේ අමාරුව හැදෙනවා. ඒ බව දැනගෙනද  කොහෙද දැන් අපේ පැත්තේ ඉන්න වඳුරො රිළවු ගැට කන්නේ නැහැයි පැවසීම නිසා සභාවේ සිටි සියලු දෙනා විස්මයට පත්ව අසා සිටියේ  එහෙනම් ප්‍රාදේශීය ලේකම්තුමාලගේ පැත්තෙ ඉන්න වඳුරො, රිළවුන් කන්නේ මොනවාදැයි කල්පනා කරමිනි.


 “දැන් වඳුරො  රිළවු ගස්වල මල් හැදෙනකොටම කාල දානවා. එතකොට ගෙඩි දකින්න ලැබෙන්නෙත් නැහැ. ගැට කාල බිම දාල තියෙනව දකින්නත් නැති නිසා හිතේ අමාරුවක් නැහැයි ප්‍රාදේශීය  ලේකම්වරයා වැඩිදුරටත් පැවසීමෙන් සභාවේ සිටි පිරිසට ප්‍රාදේශීය ලේකම්වරයා කළ විහිළුවට සිනාව නතර කර ගැනීමට නොහැකි විය. 

(කඹුරුපිටිය ප්‍රීති ජයවර්ධන)



අදහස් (0)

ගොවියන්ගෙ හිතේ අමාරුව මකන්න රිළවු අලුත් වැඩක් පටන් අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site