IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගැලවිජ්ජාවට අනියම් සැමියා ත්‍රස්තවාදියෙක් කරලා

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
ඇඳිරිය දා රාත්‍රියේ පැමිණි අනියම් සැමියා තම සැමියාට හසුවීමෙන් ඔහු ත්‍රස්තවාදියෙකු බව සැමියාට කියා කාන්තාවක ඇඟ බේරාගත් පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


මෙදින රාත්‍රියේ සැමියා නිවසේ රැඳී සිටිය ද බිරියගේ අනියම් සැමියා නිවස පිටුපසට සුපුරුදු ලෙස පැමිණ සිටියේ සැමියා රැකියාවට යන්නට ඇතැයි සිතාගෙනය. බිරිය ද සැමියාට නොඇසෙන සේ නිවසේ පිටුපසින් දොර හැර එළියට බැස ඇත.


එහෙත් අඩනින්දේ සිටි සැමියාට මේ බව ඇසී, නැගිට ගොස් එළියට බැස්සේලු. එයින් කලබලයට පත් බිරිඳ ‘බුදු අම්මෝ ත්‍රස්තවාදියෙක්, තුවක්කුවකුත් අතේ තිබුණා’ කියමින් කෑගසමින් ඇද වැටුනේලු. බිරිය ද වත්තම් කරගත් සැමියා ගෙට වැදී දොරගුලු ලා ගත්තේ මේ දිනවල ප්‍රචාරය වන කටකතාවල ද එවැනි ත්‍රස්තවාදීන් ගැන කියවුනු නිසාය.


බියට පත්වූ සැමියා බිරිය ද අස්වසමින් රැය පහන් කළේ හෙට දින ගම පුරා මෙය ප්‍රචාරය කරන අටියෙනි. පසුදිනට පහන් වූ පසුව සැමියා ත්‍රස්තවාදියා සිටි තැනට ගොස් බැලීය. එම ස්ථානයේ ත්‍රස්තවාදියාගේ පාවහන් දෙක ද සිගරැට් කොටයක් ද බිරියගේ පා සලකුණු ද තිබෙනු දුටු සැමියා අන්ද මන්ද වූයේලු.

 



අදහස් (0)

ගැලවිජ්ජාවට අනියම් සැමියා ත්‍රස්තවාදියෙක් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site