IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ගුරු දිනයේදී ගුරුතුමියගේ දුවට මනාලයෙක් තෑගි ලැබිලා

කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
ගුරු දිනය දා පන්ති භාර ගුරු මහත්මියගේ කනිටු දියණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට අවසර ඉල්ලා ඇතැයි කියන උසස් පෙළ ශිෂ්‍යයකු පිළිබඳ පුවතක් සබරගමුවේ පාසලකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු 19 හැවිරිදි, උසස් පෙළ සිසුවෙකි. ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටීමට නියමිත ඔහු පවුලේ එකම දරුවාය. මව්පියෝ ද රජයේ උසස් රැකියාවල නිරතව සිටිති. සුවිසල් නිවෙසක් යානවාහන වටිනා ඉඩකඩම් ද සතුය.
19 හැවිරිදි සිසුවාගේ පන්ති භාර ගුරු මහත්මියට දියණියෝ දෙදෙනෙක් හා පිරිමි දරුවෙක් සිටිති. ඇයගේ දියණියක මව සේවය කරන මිශ්‍ර පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉ‍ගෙනුම ලබමින් ඉදිරියේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියාය. 
උසස් පෙළ සිසුවාට මීට මාස කිහිපයකට ඉහතදී දිනක තම පන්ති භාර ගුරු මහත්මියගේ කනිටු දියණිය දැක ඈ කෙරෙහි ආදර හැඟීමක් පහළ විය. පසුව ඈ කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් ද ඇති කරගත්තේය. දිනක් විවේක කාලයේදී සිසුවා තවත් මිතුරන් කිහිප දෙනකු සමග ඇගේ පන්ති කාමරයට ගොස් ඔහුගේ අදහස පැවැසුවේය. එහිදී ඇය කිසිවක් ප්‍රකාශ කර නොමැත. නිසි පිළිතුරක් ලැබෙන තෙක් සිසුවා දින ගණනාවක් ශිෂ්‍යයාව හමු වීමට ගියේය. පසුව ශිෂ්‍යයාව තරුණයාට කියා ඇත්තේ, මව්පියන්ගෙන් අවසර ලබාගත යුතු බවය. විශේෂයෙන්ම අම්මා කැමැති විය යුතු බවත් පැවැසුවාය. 


“ඕක මොකක්ද නංගි, අම්මා මගේ පන්ති භාර ටීචර්නේ. ටීචර් මට හරි ආදරෙයි. ටීචර් බලාපොරොත්තුවෙන් සිටිනවා ඉදිරියේදී මාව වෛද්‍යවරයෙක් වෙනවා දකින්න. ටීචර් මගේ මව්පියන් ගැන අපේ පවුලේ තොරතුරු ගැන කුඩා කාලයේ ඉඳලා දන්නවා. අනික ටීචර් අපේ අම්මාගේ හොඳම හිතවතියක්. ටීචර් මට කොහොමත් අකැමැති වෙන එකක් නෑ. ඒ හින්දා මම ටීචර්ගෙන් ඕක අහන්නම්.” යැයි ශිෂ්‍යයා ශිෂ්‍යයාව හමුවේ පැවැසීය.
ඉකුත් 6 වැනිදා ගුරු දිනය යෙදී තිබුණි. ගුරු දිනය දා විද්‍යාලයේ පන්ති මට්ටමින් ගුරු දින උත්සව සංවිධානය කර තිබුණි. උසස් පෙළ සිසුවා සෙසු මිතුරු මිතුරියන් මුල් කරගෙන පන්තියේ ගුරු දිනය සංවිධානය කෙරිණි. උදේ තඩි කේක් ගෙඩියකුත් විශාල බීම බෝතල් දෙකකුත් ප්ලාස්ටික් කෝප්ප කිහිපයකුත් ශිෂ්‍යයා පාසලට ගෙනාවේය. බුලත් හුරුල්ලක් ද ඔහු අත විය.
පාසල ආරම්භ කර ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පන්ති මට්ටමින් ගුරු දින සැමරුම ආරම්භ කෙරිණ. උසස් පෙළ සිසුවා ගෙනැවිත් තිබුණු තඩි කේක් ගෙඩිය ද පිහි තලයක් ද බීම බෝතල් දෙක ද ප්ලාස්ටික් කප් කිහිපයක් ද බුලත් හුරුල්ල ද මේසය මත තබා විදුහල්පති කාමරයේ සිටි පන්ති භාර ගුරු මහත්මියට පන්තියට පැමිණෙන ලෙස සිසුවා ඇතුළු කිහිප දෙනෙක් ගොස් ආරාධනා කළහ.


මිනිත්තු කිහිපයකින් ගුරු මහත්මිය පන්තියට පැමිණීමෙන් පසුව කේක් ගෙඩිය ගෙනා ශිෂ්‍යයා බුලත් හුරුල්ල දී ගුරු මහත්මියට වැඳ පිළිගත්තේය. ගුරු මහත්මිය කේක් ගෙඩිය කැපීමට සිසු සිසුවියන්ට ආරාධනා කළාය. සිසු සිසුවියෝ මේසය වටා එක්රොක් වූහ. සිසු සිසුවියන්ගේ අත්පොළසන් මැද්දේ ගුරු මහත්මිය කේක් ගෙඩිය කැපුවාය.
කේක් ගෙඩිය ගෙනා සිසුවා කේක් කැබැල්ලක් අරගෙන පන්ති භාර ගුරු මහත්මියට කැව්වේය. ගුරු මහත්මිය සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කේක් කැව්වාය.
පසුව සියලු‍ම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තම පුටුවල අසුන් ගත්හ. කේක් ගෙඩිය ගෙනා සිසුවා පන්ති භාර ගුරු මහත්මිය පන්තියේ කොනකට රැගෙන ගොස් “ටීචර්, මම ටීචර්ගේ දුවට ගොඩක් කැමැතියි. ටීචර් මොකද කියන්නේ.” යැයි විමසුවේය. 
ගුරුවරියට උන්හිටි තැන් අමතක විය. “මම කැමැතියි පුතේ. ඔයාගේ අම්මයි මමයි එක පන්තියේ ඉගන ගත්තේ. අම්මා මට වඩා හොඳ රැකියාවක් කරනවා. හැබැයි ජනවාරි මාසේ තියෙන විභාගයට මුහුණ දීලා හොඳට විභාගය සමත් වෙලා පුතාත් වෛද්‍යවරයෙක් වෙන්න ඕනෑ. අනික දෙන්නා නියමිත කාලය පැමිණෙනතුරුත් ඉන්න ඕනෑ.” යැයි ශිෂ්‍යයාගේ මුහුණ දෙස බලා පැවැසුවාය.
“ඒකට බය වෙන්න එපා ටීචර්. මම නියමිත කාලය එනතුරු ඉන්නවා. මට ඕනෑ කැමැත්ත විතරයි.”
“හරි දැන් පන්තියට යන්න” යැයි ගුරු මහත්මිය කේක් ගෙඩිය ගෙනැවිත් තිබුණු ශිෂ්‍යයාගේ හිස පිරිමදිමින් පැවැසුවේ, දුව වෛද්‍යවරයකුට දිය හැකි බව හිතේ කොනක සඟවා ගෙනය. 
ශිෂ්‍යයා ද පන්තියට ගොස් අසුන් ගත්තේය. එදින පන්ති කාමරයේදී ශිෂ්‍යයා ටීචර්ගේ දුවට අම්මාගේ කැමැත්ත ලබාගත් බව දන්වමින් පෙම් හසුනක් ලියා ඇගේ අතට දී ඇතැයි වාර්තා වෙයි.

 



අදහස් (4)

ගුරු දිනයේදී ගුරුතුමියගේ දුවට මනාලයෙක් තෑගි ලැබිලා

mangala Monday, 09 October 2023 12:16 PM

මෙතන කිසිම කතාවක් නෑ. මෙහෙම වෙනවා නම් ප්‍රශ්න අඩුයි. දෙන්නාටම සුබපැතුම්...!

:       1       16

fairoos Monday, 09 October 2023 01:19 PM

දැන් කාලේ මාර ටීචර්ස්ලා තමයි ඉන්නේ...

:       4       12

pakeer Tuesday, 10 October 2023 04:31 PM

අපි ඉස්කෝලෙ ගිය කාලේ, මෙහෙම ගුරුවරු හිටියේ නැහැ.. අපේ හාමුදුරුවනේ...!

:       0       5

Malija Thursday, 12 October 2023 09:30 AM

අපේ කාලයට වඩා දැන් කාලය විවෘතයි. ගුරුවරිය දෙපැත්තටම බරව වචන දීලා. දොස්තර කෙනෙකුත් නරකම නෑනේ. ඒත් ප්‍රශ්නය තියෙන්නේ දොස්තර වෙනකොට මෙඩිකල් කොලිජීයේදි වෙන කෙනෙක් සෙට් වෙයිද කියලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site