(තිහගොඩ උපසේන ලියනගම)
ඔහු දකුණු පළාතේ ප්‍රධාන විදුහලක සිංහල විෂය ඉගැන් වූ ගුරුවරයෙකි. එම පාසලේම උසස් පෙළ පන්තියක තම දියණිය ද ඉගෙන ගත් අතර පාසල් කාලයෙන් පසු දියණියගේ පත පොත පරීක්ෂා කිරීම ඔහු සිරිතක් වශයෙන් කරගෙන ගියේ පාසලේම ඇතැම් ගුරුවරුන් වැරදි භාෂා ව්‍යවහාරයන් කරන බව දත් හෙයිනි.

පොත් පරීක්ෂා කරන විට එක් අභ්‍යාස පොතක තිබී බිමට වැටුණේ කවියක් ලියු කඩදාසි කැබැල්ලකි. එම කවිය කියවා බැලූ විට මෙය පාසලේම සිසුවකු ලියු ආදර කවියක් බව පෙනිණ. එහෙත් කවියේ අග තිබුණේ ‘‘මීට කුකුළා ‘‘කියාය. කවිය රසවත්ය.
‘‘අරුණෝදයේ වතු සුදු මල් කැකුළ වෙමින්
මගෙ හදවතට ළං වෙයි හැම දෙනතට හොරෙන්
පොත් ටික තද කරන් යයි හැම දෙනට කලින්
මට නැත පිනක් ඒ පොත් මිටියකට තරන්’’
මේ කවිය ලියුවා යැයි සැක කළ සිසුවා සිටි පන්තියට පසුවදා ගිය ගුරුතුමා’’ මට කුකුළෙක් ලියපු කවියක් අහුවුණා. ඒ කුකුළා දක්ෂ කවියෙක්. ඒත් ඒ කවියේ යවහන් දෝෂ තියෙනවා.’’ න් යන්නෙන් කවි පදයක් ඉවර කරන කොට ඊට කලින් අකුරත් සමාන වෙන්න ඕනෑ’’ වෙමින්’’ කියලා ඉවර වුණා නම් අනෙක් පදවලත් කමින්, බොමින්, පෙමින් වගේ වෙන්න එපා‘‘ යැයි කවියේ දෝස පෙන්වන විට එක් සිසුවෙක් බිම බලාගෙනම බියට පත්ව සිටියාලු.
2025 ඔක්තෝබර් මස 08
1632
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුරුතුමාගේ දුවට කුකුළෙක් කවියක් ලියලා