(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
ගමේ නීති විරෝධී මත්පැන් පෙරන්නාට අමුතුම කාලයේ දඬුවමක් සර්පයකුගෙන් ලැබුණ අපූරු පුවතක් අපට අසන්නට ලැබිණ.

ගමේ අයට ඔහු නිරන්තරයෙන්ම නීති විරෝධි මත්පැන් සැපයූවේය. ඒ නීති විරෝධී විදිහට කැලෑවකට ගොස් මත්පැන් පෙරාය.
ඔහුගේ මේ කෙරුවාව නිසාම ගමේ එකාලා බීමත්ව ගමේ අඬදබර ඇති කරගත් අවස්ථා ද සුළුපටු නොවේ. භාර්යාව සැමියා අතර ගැටුම් ද ඒ හා සමානවිය. මේ ආකාරයට ගමේ පවුල් ජීවිතයට වින කටිමින් සිටි ඔහු පොලිසියට අසු වූ වාර ගණනද විශාලය. නීති විරෝධී මත්පැන් පෙරීමේ වරදට කීප වතාවක්ම අධිකරණයට ගොස් දඬුවම් වින්දත්, ඔහු ඊළඟ දවසෙත් කරන්නේ ඒ වැඩේමය.
එදත් ඔහු කැලෑවට ගියේ නීති විරෝධී මත්පැන් පෙරීමටය. සිය කාර්ය සිදුකරමින් සිටි ඔහු ගෝලයා දිවා කෑම රැගෙන එන තෙක් කැලෑවේම කෙටි නින්දකට වැටුණේය. ඒ කසිප්පු පෙරීමට ප්‍රයෝජනයට ගත් අන්නාසි හා රටඉඳි දමාගෙන ආ හිස් පොලිතීන් උරය එළාගෙනය.
අන්නාසි සුවඳ කරා කැලෑවේ සිට ඉව අල්ලමින් පැමිණි සර්පයකු ඔහු නිදාසිටි පොලිතින් උරයට ගොඩවූයේය. සෙවූ පලතුරු නොවූ තැන මේ සර්පයා ඔහුගේ සරම අස්සට රිංගුවේය.
නින්දේ සිටියදී එහෙට මෙහෙට පෙරළීමත් සමගම කලබල වූ සර්පයා ඔහුට දෂ්ඨ කළේය. ඒ සමගම ඔහුට සිහිමූර්ජා විය. ආහාර රැගෙන ඒමට ගිය ගෝලයා නොපැමිණියේ නම් ඔහු ජීවිතයෙන්ද මේ වනවිට සමුගෙන හමාරය. ගෝලයා වහාම ඔහු රෝහල් ගත කළේය. සර්ප විෂෙන් සිහිසුන්ව ඔහුට දින කිහිපයක්ම යන තෙක්ම රෝහල් වාට්ටුවක නැවතීමට සිදුවිය. මේ රෝගී තත්ත්වයෙන් ඔහු මුදවා ගැනීමට විශාල වියදමක්ද දැරීමට සිදුවිය. සනීප වී නිවෙසට පැමිණියද ඔහුට ගමේ උදවියට මුහුණ නොදී වසන්වීමට සිදුවූයේ සර්පයා දෂ්ට කළ තැන ගම්මු දැනගෙන සිටි නිසාය.
2025 ඔක්තෝබර් මස 08
1632
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ගමේ කසිප්පු ජාවාරමාට සර්පයකුගෙන් යස දඬුවමක්