තම නාන ළිඳ ළඟ තිබූ බිරිඳගේ කිලිටි රෙදි බේසම වෙනුවට කළුවරේම අසල්වැසි කතකගේ රෙදි බේසමක් සේදූ සැමියකු පිළිබඳ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පෙදෙසකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.

ඔහු රැකියාවක නියුතු තරුණ සැමියෙකි. මෙදින ඔහු වැඩ ඇරී නිවසට එනවිට තම බිරිඳ රෝගාතුරව නිදාගෙන සිටියේලු. තමාට කොන්දේ අමාරුවක් හටගත් බව ඇය අමාරුවෙන් සැමියාට කීවාය. එයටද ප්‍රතිකාරයක් කළ සැමියා බිරිඳට විවේකීව සිටින ලෙස කියා රාත්‍රී ආහාරයද සකසා දියනාගැනීම සඳහා වත්ත පහළ නාන ළිඳ ළඟට ගොස් ඇත.
ළිඳ අසල ඇති බිරිඳගේ කිලිටි රෙදි බේසමද නෙත ගැටුණ සැමියා කඩිමුඩියේ එම රෙදි බේසමද සෝදා නිවසට ආවේලු.
පසුදින උදෑසන බිරිඳට ද කෑම සැකසූ සැමියා රැකියාවට යාමට සැරසුණි. “බබා යමුද බොහෙත් ටිකක්වත් ගන්න” සැමියා බිරිඳට කීවේය. “ඕන් නෑ බබා දැන් අඩුයි” බිරිඳ කීවාය. “එහෙනම් පරිස්සමින් ඉන්න බබා” කියා සැමියා බිරිඳගෙන් සමුගෙන රැකියාවට නික්ම ගියේය.
මෙම ළිඳෙන්ම දියනෑමට පැමිණෙන අසල්වැසි කාන්තාව පෙර දින ළිඳ ළඟ තබා ගිය රෙදි බේසම සේදීමට මෙදින උදෑසන ළිඳ ළඟට පැමිණියාය. තමාගේ යට ඇඳුම් ද සහිත රෙදි බේසම සෝදා තබා තිබෙනු දුටු කාන්තාව මහත් සතුටින් රෙදි බේසම ද රැගෙන නිවසට ගියාය.
මෙදින සවස කාර්යාලයේ වැඩ නිමවා බිරිඳගේ රෝගී තත්ත්වය ගැනද සිතමින් සැමියා වහ වහා නිවස වෙත එමින් සිටියේය. අසල්වැසි කාන්තාව කොට ඇඳුමක් ද හැඳ අඟර දඟර ගමනින් වැට අද්දරට පැමිණියාය. “අනේ අයියා... ඔයාට බොහොම ස්තුතියි... අපේ මහත්තයා කවදාවත් මගේ රෙද්දක් හෝදන් නෑ. ඔයා නම් රත්තරන් මහත්තයෙක්.” අල්ලපුගෙදර ඇය අමුතු ලෙන්ගතු කමකින් කීවාය.
කිසිවක් ගණනකට නොගත් සැමියා වහා නිවසට පැමිණියේ බිරිඳගේ සුවදුක් බැලීමටය. ඇඳ මත කෙඳිරිගාමින් සිටි බිරිඳ දුටු සැමියාද මහත් කලබලයට පත්විය.
“ඇයි බබා අමාරුද” ඇඳ මත වාඩි වෙමින් සැමියා බිරිඳගෙන් ඇසීය. “ඊයේ රෙදි බේසමයි අද එකයි දෙකම හේදුවා. මට නැගිටගන්න බැරි තරමට කොන්ද කකියන්න ගත්තා” බිරිඳ මහත් වේදනාවෙන් කීවාය.
තමා පෙර දින සෝදා ඇත්තේ අසල්වැසි කාන්තාවගේ රෙදි බේසමක් බව වටහා ගත් සැමියා මහත් කලබලයට පත්විය. සියල්ල වසන් කරගත් සැමියා ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන බිරිඳ වෛද්‍යවරයෙක් වෙත රැගෙන ගියේලු.
(නිකවැරටිය ප්‍රියානි මංගලිකා)
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුවරේ ළිඳට ගිය සැමියා බිරිඳට උදවුවට වෙන කතකගේ රෙදි බේසම පිරිසුදු කරලා