කොළඹ දිගටම ඇඳිරි නීතිය පැවති සමයේ තමාගේ අභියාචනයක් මත ඔහු නිවසට ආවත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියාට නොකීවේ නිරෝධායනය කරතැයි බියෙනි. තමා පැමිණි බව කිසිවකුට නොකියන ලෙස ඔහු බිරිඳටද කීවේ මේ අරංචිය පිටට යෑම වැළැක්වීමටය.

‘‘ඒකෙන් කමක් නෑ. ගෙදර හරියෙ පොල් ගෙඩියක් නෑ’’ ඇය කීවෙන් නිවස ඉදිරිපිට වූ පොල් ගසට ඔහු අමාරුවෙන් නැග ගත්තේ එහි පොල් වලු කීපයක්ම වූ හෙයිනි.
ඔහු ගස මුදුනට නගින මොහොත්ම යතුරු පැදියක් විත් මිදුලේ නවත්වනු ඔහුට පෙනිණ. ඒ සෞඛ්‍ය පරීක්ෂක මහතාය. පොල් අතු ඉතිවලට නැගගත් ඔහු මුවා වී සිටියත් සෑහෙන වේලාවක් යනතුරු සෞඛ්‍ය පරීක්ෂක ආපසු ගියේ නැත.
පැයකට පමණ පසු ඔහු යන හඬ ඇසී පොල්ගසෙන් බැසගත් ඔහුට බිරිඳ කීවේ තමාට නොදැන් වූ නිසා නිවසේ නිරෝධායනය කිරීමට නැවත එන බවකි.
‘‘කමක් නෑ මං පොල්ගහ උඩ පැයක් විතර නිරෝධායන වුණා. කි ඔහු සිනාසෙන විට ‘‘මම ගහේ ඉන්න වග කිව්වනං එහෙමම සති දෙක නිරෝධායන වෙන්න තිබුණා.’’ බිරිඳ කීවාය.
(තිහගොඩ උපසේන ලියනගම)
2025 ඔක්තෝබර් මස 08
1859
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1498
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොළඹින් ගමට ඇවිදින් පොල්ගහක් උඩ නිරෝධායනයේ