(අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා)
අලුත් අවුරුද්ද වෙනුවෙන් කාර්යාලයෙන් තෑගි ලැබුණු පලතුරු පාර්සලය රෙදි හෝදන බේසමට දමා සේදීමට ගෙනා සේවා ඇඳුම් කට්ටලය ශීතකරණයට දැමීමේ අපූරු පුවතක් පස්යොදුන් කෝරළයෙන් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

අලුත් අවුරුදු සමය අවසන්ව දෙසතියකින් පසු සිය රැකියාව කරන ස්ථානයට ගිය බේරුවල ප්‍රදේශයේ පුද්ගලයකුට සේවා ස්ථානයේ හාම්පුතා විසින් නිවසට යන විට රැගෙන යන්නට මිදි, ඇපල් අඩංගු පලතුරු සමග චොක්ලට් පාර්සලයක් තෑගි කළේය.
එම තෑගි පාර්සලය අතට ගත් සේවකයා දරුවන්ට පලතුරු දීමේ අදහසින් රැකියා කටයුතු නිමවා නිවසට පිටත් විය. තම සේවා නිල ඇඳුම් ද පිරිසුදු කර ගැනීමට නිවසට රැගෙන ආ අතර පලතුරු හා චොක්ලට් අඩංගු පාර්සලේ ද එම නිල ඇඳුම් අඩංගු පාර්සලය ද එකම වර්ගයේ බෑග් දෙකක දාගෙන පැමිණ තිබේ.
අතරමගදී කලකට පසු හමු වූ මිතුරකු සමග මදක් සප්පායම් වීමට ඔහු ආරාධනා කර තිබෙන අතර මොහු ආරාධනාව පිළිගෙන තිබේ. කතාවෙන් කතාවෙන් රෑ බෝ වුණත් මිතුරන් දෙදෙනාට නිවසට යාමට ගානක් නොමැතිව පදමට රත් වී තිබිණ.
මේ වනවිට ගමට යන අවසන් බසය ද ගොස් තිබූ බැවින් බෑග් දෙක ද රැගෙන පාගමනින් නිවසට පැමිණ ඇත.
ඒ වනවිට සිය බිරිඳ දරුවන් නින්දට ගොස් සිටි බැවින් සිය මව පැමිණ දොර විවෘත කිරීමෙන් පසු නිවසට ඇතුළු වූ තැනැත්තා දරුවන්ට ගෙන ආ පලතුරු ශීතකරණයේ දමා නින්දට ගොස් තිබේ.
උදෑසන අවදි වූ සිය බිරිඳ කිසියම් කාරනයකට ශීතකරණය විවෘත කර බලද්දී කිළිටි ඇඳුම් සහිත බෑගයක් හමුවී තිබේ. අනතුරුව පරීක්ෂා කර බලන විට කිළිටි ඇඳුම් දමන බේසම තුළ පලතුරු හා චොක්ලට් පාර්සලයක් තිබී හමුවීමෙන් තම ස්වාමියා කර ඇති කාරණය වැටහී තිබේ. පසුව එම තැනැත්තා අවදි වී තේ පානය කිරීමට සැරසෙද්දී බිරිඳ කී කතාවෙන් ලැජ්ජාවට පත් වී මුහුණ රතු කරගෙන නිවසින් පිටව ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිළිටි රෙදි පාර්සලය ශීතකරණයේ දමලා