(තිහගොඩ උපසේන ලියනගම)
රට පුරා කහ හිඟයක් ඇතිවන බව මාස ගණනාවකට පෙර කොළඹ හිතවතකුගෙන් දැනගත් මේ ගොවි මහතා කහ පැළ තොගයක් තම හේන් යායේ වගා කළේ ඉදිරි ආර්ථික වාසිය ගැන සිතමිනි.

වගාව පල දරන සමයේ සොර බියක් ඒයැයි සිතූ ඔහු අක්කරයක් තරම් වූ වගාව වටා වැට බැඳ එහි ඉඳි කඩුල්ල අසල තමා පමණක් දන්නා තැන් කීපයක හොරු අල්ලාගත හැකි විදියට එක්තරා විදියක උගුලක් ද ඇටවිය.
පසුගියදා වගාවෙන් කොටසක් කිසිවකු ගලවා අල රැගෙන කොළ එහිම දමාගොස් තිබිණ. වටින් පිටින් කරුණු සෙවූ ඔහුට සොරාගැන ආරංචියක් ලැබුණත් තහවුරු කළ හැකි සාක්ෂි නොවූයෙන් ගොවියා සැක අයගේ නිවෙසට ගියේ කිසියම් හෝඩුවාවක් දැන ගැනීමටය. ගෙදර සිටියේ බිරිය හා කුඩා දරුවකු පමණී.
බිරිය කීවේ සැමියාගේ කකුලේ කටුවක් ඇනී ප්‍රතිකාර ගෙන ඇඳේ සිටින බවය. ‘‘බෝතල් කටුවක් ඇනිල තියෙන්නේ’’ ළඟ සිටි දරුවා කීවේ හුරතල් විදියටය. ගොවියා කිසිවක් නොකියා ආපසු හැරුණේ තමාගේ උගුලේ හොරා අසුවී බව හරියටම දැනගෙනය. එහෙත් මේ ආරංචිය ගමපුරා ගියපසු කෙනෙක් කීවේ. ‘‘කහ හොරා කකුලෙන් දැනේ’’ කියලාලු.
2025 ඔක්තෝබර් මස 08
1875
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1509
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
529
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කහ හොරා කකුලෙන් අහුවෙලා