IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘කොස් කෑල්ලට’ කොන්දොස්තර ඇන්දවිලා


හසලක සුනිල් ඒකනායක



කපටි ගැමියකුගේ උගුලකට හසුවී පොලිස් කූඩුවේ ලගින්නට සිදුව රැකියාවද අහිමි වීමේ අවදානමකින් තමන් ගැලවුණේ පෙර පිනකින් යැයි බස් රථ කොන්දොස්තරවරයකු සිය හිතවතුන්ට පවසන්නේ ‘කොස් කෑල්ලක්’ යැයි කියමින් කොස් ලෑලි තොගයක් බස් රථයකින් රැගෙන යාමේ සිදුවීමක් විස්තර කරමිනි.
එම පෞද්ගලික බස් රථය ප‍්‍රදේශයේ දුෂ්කර ගම්මානයක රාත‍්‍රි කාලයේ නතර කොට අලූයම හතරට පමණ කොළඹ බලා ගමන් ආරම්භ කරනු ලබයි. 
රියදුරු සහ කොන්දොස්තරවරයා පිට ප‍්‍රදේශයක පදිංචිකරුවන් වුවත් බස් රථය ගමෙන් ගමන් ආරම්භ කිරීම සහ නැවත ගමට පැමිණ රාත‍්‍රි කාලයේ බස් රථය ගමේ නතර කිරීම හේතුවෙන් ඔවුහු දෙදෙනා ගමේ පාසල් දරුවන් ඇතුළු කොයි කාගේත් හිතවත්හු.


මෙදින බස් රථය ආරම්භ කිරීමට පැය භාගයකට පමණ පෙර බස් රථය අසලට (අලු‍යම 3.30ට පමණ) පැමිණි ගමේ පදිංචි 34 හැවිරිදි තරුණයකු කොන්දොස්තර මහතා හමුවී පැවසුවේ ‘අයියේ කොස් කෑල්ලක් තිබෙනවා මට මේක වරකාපොලට අරගෙන යන්න පුළුවන්ද?” කියාය. ‘ආ පුළුවන්. ඇතුළට දාන්න බැරි ලොකු එකක් නම් අන්න ඩිකිය ඇරලා තියෙනවා ඒකට දාන්න.” යැයි පවසා තිබේ.
කොස් කෑල්ල ඩිකියට දැමිමෙන් පසු බසයට නැගුණු මගියාට අදාළ ගමනට ලදු පතක් (ටිකට් එකක්) ලබා දුන් අතර සුපුරුදු පරිදි බස් රථය ගමන ආරම්භ කරන ලදි. රථය වරකාපොලට ළඟා වෙන විට පෙරවරු 7.30ට පමණ වී තිබිණි. බස් නැවතුමට ආසන්නයේ තමන් රථයෙන් බසින බව සදහන් කළෙන් බස් රථය මගියා පැවසු පරිදි මාර්ගය අයිනේ තේ කඩයක් අසල නතර කරනු ලැබීය. 
බසයෙන් මගියා මෙන්ම කොන්දොස්තර ද බැස මඟියාට කොස් කෑල්ල දීම සදහා රථයේ පිටුපසට විත් කොන්දොස්තරවරයා ඩිකිය විවෘත කළ පසු මඟියා එහි දැමු කොස් කෑල්ල පිටතට ගත්තේ කොන්දොස්තරවරයා අන්ද මන්ද කරවමිනි. 
ගෝනි මල්ලක තිබු ලෑලි වැනි යමක් පිටතට පෙනෙන්නට තිබු අතර ‘මොනවද බන් ඔය ගෝනියෙන් ඔතා තියෙන්නේ. කොයි දැන් උඔ අරගෙන ආව කොස් කෑල්ල.” යැයි විමසා ඇත. ‘මේක තමයි කොස් කෑල්ල. මම ගේන්නේ කොස් ලෑලි කිව්වා නම් ඔයා කීයටවත් මට මේක බස් එකේ ගේන්න දෙන්නේ නෑනේ. ඒකයි මම කිව්වේ කොස් කෑල්ලක් කියලා.” ‘යකෝ තෝ නයා කන්ට වටින එකෙක්. බැරිවෙලා හරි පොලිසිය මඟදී බස් එක චෙක් කළානම් තව පොඩ්ඩෙන් උඔත් ඉවරයි මමත් මගේ රක්ෂාවත් ඉවරයි. මාස ගණනක් හිරේ තපින්ටයි වෙන්නේ. විගහට ඕක අරගෙන දුවපිය.’ යැයි පවසා කොස්දොස්තරවරයා විගස ගොස් රථයට ගොඩවී නැවත ගමන පිටත් විය.

 



අදහස් (0)

‘කොස් කෑල්ලට’ කොන්දොස්තර ඇන්දවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site