IMG-LOGO

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්


රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක්  මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
එය කන්ද උඩරක සශ්‍රීක කෘෂිකාර්මික ගම්මානයකි. මෙම ගම්මානයේ වී වගාවට අමතරව අතුරු බෝගද වගා කරනු ලබයි. ඒ අතර එක් ගොවි මහතෙකු විසින්  කුඹුරේ කමතට කිට්ටුව වගා කර තිබූ ඇම්බුන් කෙසෙල් පඳුරේ විශාල ප්‍රමාණයේ ඇම්බුන් කෙසෙල් කැනක් වැටී තිබූ අතර එය පැසී කැපීමට ඔන්න මෙන්න තත්වයෙන්  තිබිණ. එම  ඉඩම හිමිකරු නිරන්තරයෙන් මෙම කෙසෙල් කැන දෙස ඇස යොමා ගෙන සිටියේය. මෙම  කෙසෙල් කැන අවම වශයෙන් රුපියල් 4000 කට වඩා වටිනා බව ඉඩම් හිමියා නිතර කීවේය.


පසුගිය දිනෙක අලුයම නැගිට ඔහු සිය කුඹුර පැත්තේ ගමන් කරද්දී  කෙසෙල් පඳුර තිබු තැන යම්  විශේෂ එළියක් දක්නට ලැබී ඔහු ඒ ගැන විපරම්කර බැලුවේය. දෙයියෝ සාක්කි ඔහුට ඉබේටම  කියවිණ. කපන්න  ඔන්න මෙන්න කියා තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ අලුතින් කෙසෙල් මුවක් හට ගෙන තිබෙනු ඔහු දුටුවේය. මේ ගැන විස්මයට පත් වූ ඔහු වහාම එම කෙසෙල් මුව පරීක්ෂා කර බැලීය. 
සිදුව ඇති වින්නහිය ඔහුට අවබෝධ වී ඇත්තේ එවිටය. මෙම වටිනා කෙසෙල් කැන  රාත්‍රි කාලයේ සොරෙකු විසින් කපා ගෙන එහි කෙසෙල් කැනේ මුල් කොටසේ  එහි කෙසෙල් 
මුවක් සවිකර  ඇති බව ඔහුට අවබෝධ විය



අදහස් (1)

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා

ගුණරත්න Tuesday, 26 November 2024 09:44 PM

ආණ්ඩු මාරු කළාට මිනිස්සුන්ගේ හොර ගති වෙනසක් වෙන්නේ නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 95 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1021 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site