IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කැසීමට මිතුරා දුන් බෙහෙත ගා දෙවියන් සිහිවෙලා

(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි) 
සිය ශරීරයේ ඉනෙන් පහළ පෙදෙසක හටගත් සමේ රෝගයකට ගොඩ වෙදකමක් කිරීමෙන් ඇතිවු දැවිල්ලක් නිසා මහත් සේ පීඩාවට පත් පුද්ගලයකු තමන්ට උන්හිටිතැන් පවා අමතකව කෑ ගසමින් ගම හරහා දිව ගොස් ජලය පිරවූ බැරලයකට බැස සිටි පුවතක් පසුගියදා නවගත්තේගම ප්‍රදේශයට නුදුරු ගමකින් වාර්තා විය. 


එම වාර්තාවට අනුව රෝගී පුද්ගලයාට මෙම ගොඩ වෙදකම කළ පුද්ගලයාද යම් හෙයකින් රෝගියා කිසියම් අනතුරක් කර ගනිවී යැයි ඇති වූ සැකය හා බිය නිසා ඔහුව වළක්වාලීමට ඔහු පසුපසින් දිවගොස් ඇති බවත් එම වාර්තාවෙන් කියැවිණි. 


වාර්තා වූ අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 


රෝගී පුද්ගලයාත් ඔහුට මෙම ගොඩ වෙදකම කළ පුද්ගලයාත් යන දෙදෙනාම මිතුරන් වන අතර මැදි වයසේ පසුවන ඔවුන් එකම ගමේ සැතපුමක පමණ දුර පරතරයක පදිංචිකරුවන් බවද කියති. 


කලක සිට සිය ශරීරයේ ඉනෙන් පහළ සමේ කැසීමේ රෝගයකට ගොදුරු වී සිටි බව කියන එම රෝගී පුද්ගලයා ඊට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලකට හෝ ඊට සුදුසු වෛද්‍යවරයකු වෙත යෑමට මැලිකමක් දක්වා ඇත. රෝගය පවතින ස්ථානය වෛද්‍යවරයාට පෙන්වීමට ඔහුට ඇති වූ ලජ්ජාව එසේ නොයාමට හේතුව බවද කියති. 


ඒ අනුව කෙමක් යැයි පවසා සිය මිතුරා විසින් දෙහි ඇඹුලෙන් අඹරා දුන් බව කියන ගොඩ බෙහෙතක් මිතුරාගේ නිවසේදීම අදාළ රෝගියාගේ ගෑමෙන් පසුව හටගත් දැවිල්ල දරාගත නොහැකිව ඔහු මෙසේ කෑ ගසමින් ගම හරහා නිවසට දිව ගොස් ඇති බවද පැවසේ. 


දැවිල්ලේ හා දිවිල්ලේ තරම කෙතෙක් ද යත් රෝගී පුද්ගලයා ප්‍රතිකාරය සඳහා සිය මිතුරාගේ නිවසට පැමිණ ඇත්තේ යතුරු පැදියකින් බවත් මෙහිදී ඔහුට එයද අමතකවී ඇති බවත් පැවසේ.


මෙසේ නිවසට දිව ගොස් ඇති ඔහු එහි වැසි ජලයෙන් පිරී තිබූ බැරලයකට බැස පැය තුනක පමණ කාලයක් සිට ඇති බවත් පසුව ලැජ්ජාව පසෙකලා බිරියත් සමග නගරයට ගොස් ඊට අදාළ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගෙන ඇති බවත් කියති.   

 



අදහස් (0)

කැසීමට මිතුරා දුන් බෙහෙත ගා දෙවියන් සිහිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1757 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site