(තිහගොඩ - උපසේන ලියනගම)
කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියා තම සීයාට දුන් උපදෙස් අකුරටම ඉටුකළ මුනුබුරකු පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ වැලිගම ප්‍රදේශයෙනි.
තම නිවෙසේ හොඳින් වැඩුණු අඹ ගසක ගෙඩි හට නොගැනීම නිසා ඒ පිළිබඳව උපදෙස් පැතූ මේ සීයාට නිලධාරියා උපදෙස් දුන්නේ ගසේ කඳෙහි පොතු හැර තබන ලෙසටය.
මේ උපදේශය ඔවුන් අසල සිටි පෙරපාසල් වියේ දරුවාට ද ඇසිණ. දින කිහිපයක් ගියත් සීයා මේ උපදේශය පිළිගත් බවක් නොපෙනුණ නිසා මේ මුනුබුරා කළේ ඒ ගසේ මෙන්ම අවට ඇති කුඩා පලතුරු ගස් සියල්ලෙහිම කඳේ පොතු ඉවත් කිරීමය.
පසුගියදා පොළට ගොස් ආ සීයාට මුනුබුරා, “සීයාට මතක නැති වුණානේ ගෙඩි නැති ගස්වල පොතු අරින්න. මම වගා මහත්තයා කියපු විදියට ගස්වල පොතු ඇරියා” කීවෙන් ගෙවත්තට ගිය සීයාට දෙවියන් සිහිවිය.
අවට තිබූ අඹ, දොඩම්, පේර ගස් සියල්ලෙහි පොතු ඇර තිබූ අතර සමහර කුඩා පැළ මැලවී ගොස් තිබිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කෘෂි උපදෙස අහලා මුනුබුරා වැඩේ කාලා