(කුණ්ඩසාලේ -- පී.එම්. රාජපක්ෂ)
වසර ගණනාවක් පැවැති පෙම් සබඳතාව තවදුරටත් ‘ස්මාර්ට්’ කරගැනීමට ගොස් තම පෙම්වතිය අහිමි වීමේ සිද්ධියක් මහනුවර අවට ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.
ඔහු පෞද්ගලික ආයතනයක සේවකයෙකි. ඇය රැකියාවක් අපේක්ෂාවෙන් පසු වූ යුවතියකි.
ඔහු රැකියාවට ගොස් වසර කිහිපයක් ගතවනවාත් සමග අගනුවර ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලැබුණි. ඒ අතරතුර පෙම්වතිය අධ්‍යාපන කටයුතු හමාර කළාය.
ඒ අතරතුර එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීම සඳහා ඔහු ඇයට සාමාන්‍ය දුරකතනයක් ලබා දුන්නේය. එහෙත් කාලය ගතවනවාත් සමග ඇයට ඇගේ යෙහෙළියන්ට මෙන්, නවීන පන්නයේ දුරකතනයක් ලබා ගැනීමේ අවශ්‍යතාව දැඩි ලෙස මතුවන්නට විය.
අගනුවර සේවය කළ තම පෙම්වතාට මේ සම්බන්ධයෙන් කිහිප වතාවක් නවීන පන්නයේ දුරකතනයක් ලබා දෙන ලෙස කළ පෙරැත්තය මත දිනෙක ඇයට එම වාසනාව උදාවිය.
ඒ අනුව ඇයට නුහුරු වූ එම දුරකතනයේ ක්‍රියාකාරීත්වය කෙටි කලකින් ඉගෙන ගැනීමට නොහැකි වූ අතර ඒ වෙනුවෙන් ප්‍රදේශයේ තරුණයකුගෙන් ඇය උදව් උපකාර පැතුවාය.
අලුත් දුරකතනය ලැබූ මුල් කාලයේ තම පෙම්වතියගෙන් ඇමතුම් හා කෙටි පණිවිඩ වීඩියෝ ඇමතුම් ආදිය නිරන්තර ලැබුණි. එහෙත් සති කිහිපයක් ගතවනවාත් සමග
ඇයගෙන් ඇමතුම් හා කෙටි පණිවිඩ වීඩියෝ ඇමතුම් ආදියේ අඩුවක් ඇති බව ඔහුට දැනුණි.
ඇය සම්න්ධයෙන් සොයා බැලීමට ඔහු තම ගම් ප්‍රදේශයේ මිතුරකුට පැවැරුවේය. ඒ අනුව ඔහුගේ සොයා බැලීම ගැන විමසා මිතුරාට දුරකතන ඇමතුමක් දුන්නේය. එහිදී මිතුරා මෙසේ කීවේය.
“ඔන්න ගෑනු ළමයා ‘ස්මාර්ට්’ වෙලා, අලුත් ෆෝන් එකත් එක්ක අලුත් ‘ස්මාර්ට්’ කොල්ලෙක් හොයාගෙන.”
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කෙල්ල අලුත් ස්මාර්ට් ෆෝන් එකත් එක්ක අලුත් කොල්ලෙකුත් ස්මාර්ට් කරගෙන