කොළඹ-කුලියාපිටිය සුඛෝපභෝගි සේවා බස්රථයක් කුලියාපිටියට යළි පැමිණීමේදි මීගමුව ප්‍රදේශයේදී අත දැමූ විදේශිකයකු ඉංග්‍රීසි බසින් තමන්ට යායුතු ගමනාන්තය විමසීමේදී බස්රථයේ කොන්දොස්තර තැන තමන්ට හැකි අයුරින් අදහස් හුවමාරු කරගෙන විදේශිකයා බසයට නංවාගෙන කුලියාපිටියට පැමිණියත් විදේශිකයා තලවිල යාමට අවශ්‍ය බැව් පැවසීමෙන් බස් කොන්දොස්තර පමණක් නොව මගීහු පවා අන්දුන් කුන්දුන් වූහ.

බසය අලුයම කොළඹින් පිටත්ව ඇති අතර විදේශිකයාද තලවිල පල්ලියට යාම සඳහා බසයට අත දමා තිබිණ. එහිදි බසය නවතා කොන්දොස්තර තැනගෙන් විදේශිකයා කැන් අයි ගෝ ටු කල්පිටි යනුවෙන් අසා ඇත.
කොන්දොස්තර තැන එසැනින්ම “යස් යස් කියත්ම කම් කම් සර් කම් කියමින් බසයට නංවාගෙන ආසනයක්ද පිරිනමා පැමිණියද ගමනාන්තයේදී විදේශිකයා තමා අතැති ජංගම දුරකථනයේ ආධාරයෙන් සිතියම් පරීක්‍ෂාවක් කොට දිස් ඊස් නොට් කොල්පිටි දිස් ඉස් ආ කුල්පිටි කියමින් අපහසුතාවට පත්ව ඇති බව දුටු හා සිදුව ඇත්තේ වංචාවක් නොව අදහස් හුවමාරුවේ අඩුපාඩුවක් බවත් මනාව තේරුම් ගත් අනෙක් බස්රථ හිමියන් නිවැරදි ඉංග්‍රීසි භාවිත කරමින් විදේශිකයා නැවත තෝප්පුව මංසන්ධියට නොමිලයේම කැඳවාගෙන වුත් කල්පිටිය බස් රථයකට නැංවීමට පියවර ගනු ලැබිණි.
ඉන්පසු එම බස්රථ රියදුරන් හා සහෝදර කොන්දොස්තරවරුන් අදාළ කොන්දොස්තරවරාට මිස්ටර් කොල්පිටි යන අන්වර්ත නාමයෙන් අමතන බවත් දැනගන්නට ඇත.
(කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර)
2025 දෙසැම්බර් මස 18
12
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්පිටි යන්න බසයට නැගුණ සුද්දා කුලියාපිටියට ගෙනිහින්