IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොරෝනා පිටින් දාලා මගුල් ගෙදරක ගිහින් ‘හොඳට නාලා’

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
කොරෝනා රෝග ලක්ෂණ තමාට ඇතැයි මුසා බස් පවසා නිවාඩු නොදමා සිය හිතවතකුගේ මංගල උත්සවයකට සහභාගීවෙමින් සිටි අයකු ආයතන ප්‍රධානියාගේ අතටම හසුවී අලි ජංජාලයක් වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 


 මේ ආයතනයට සේවකයින් කැඳවන ලද්දේ කොටස් වශයෙනි. දින බෙදාගෙනය. ඒ ආයතනයේ සෙනඟ ගැවසීම වැළැක්වීමේ අරමුණක් ලෙසය. නැතහොත් කොරෝනා මර්දන නීතියට අනුවය.


එදා සිය කාර්යාලයට යාමට නියමිතව තිබුණේ ඔහුටය. එදිනටම ඔහුගේ භාර්යාවගේ ළඟම ඥාතියකුගේ විවාහ මංගල්‍යයක්ද යෙදී තිබුණි. තමාගේ මංගල්‍යයකට නොගොස් සිටියද භාර්‍යාවගේ ඥාතියෙකුගේ මංගල උත්සවකයට නොගොස් සිටියහොත් වෙනදේ දන්නේ ඔහුත් උඩ ඉන්න දෙවියනුත් පමණක් නිසා රාජකාරියට නොගොස් එම මංගල උත්සවයට සහභාගීවීමට ඔහු සිතා ගත්තේය. ඊට තවත් හේතුවක් වූයේ එම විවාහ මංගල උත්සවයේ සාක්කිකාරයකු වශයෙන් අත්සන් කිරීමට ඔහුට පැවරී තිබීමය. එමෙන්ම මංගල සභාව මෙහෙයවීමටද පැවරී තිබුණේ ඔහුටවීම තවත් හේතුවකි.


මේ විවාහ මංගල උත්සවයට කල් ඇතිව නිවාඩු ලබා ගැනීමට ඔහු උත්සුක නොවූවේ නිවාඩු ඉතිරි කරගැනීමේ වෑයමක් හැටියටය. එදා උදේ ඔහු සිය කාර්යාලයේ ප්‍රධානියාට දුරකතනයෙන් කතා කොට උගුර රිදෙන බවත් කැස්සත් ටිකක් තිබෙන බවත් ඇඟද රත්වී ඇති බවත් කීවේ තමා දැන සිටි කොරෝනා රෝග ලක්ෂණ තමාටද ඇති බව ඇඟවීමටය.සිය ආයතනයෙන් කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකුම වාර්වීතාමත් සමගම ආයතන ප්‍රධානියා ඔහුට සේවයට නොආවාට කමක් නැතැයි පැවසුවේ ඉබ්බා දියේ දැම්මා ඇන්නෑවේ යැයි කියන්නාක් මෙනි.


ඔහු නොපැමිණීමෙන් ආයතනයට හා ජනතාවට සිදුවන පාඩුව අවම කර ගැනීමට එකදිගට දින කිහිපයක් වැඩකර ගෙදර නැවතීමට සිටි සේවකයකුගේ සේවය ලබා ගැනීමට ආයතන ප්‍රධානියාට සිදුවිය . ඒ සඳහා ඔහුට සිදූවූ වෙහෙස අපමණය.ඒ සේවකයා සේවයට අනුයුක්ත කර ගැනීමට ආයතන ප්‍රධානියාටවූයේ ඔහුට වැදීම නොපමණි. ඒ තරමටම ඔහු ඉදිරියේ ආයතන ප්‍රධානියාට බැගෑපත්වීමට සිදුවිය.


තමාගේ කූට උපක්‍රමය හරි ගියා යැයි සිතූ ඔහු භාර්යාව සමග මංගල උත්සවයට සහභාගීවීමට ගියහ. ගතවූයේ ටික වේලාවකි තමන් මංගල උත්සවයට සහභාගී වූ හෝටලය ඉදිරිපිට  තමන් හොඳින් දැක පුරුදු මෝටර් රථයක් නතර කෙරිණ. ඒ මෝටර් රථය සිය ආයතනයේ ප්‍රධානියාගේ බව ඔහුට හඳුනාගැනීමට වැඩි වේලාවක් ගත නොවූයේ ඒ තරමටම එම රථය ඔහු හොඳින් දැක ඇති නිසාය.


මෝටර් රථයෙන් බැස ගත් ආයතන ප්‍රධානියා දුටු  සැකසහිත කොරෝනා රෝග ලක්ෂණ පවසා නිවාඩු ලබාගත් ඔහුගේ දෙපා වෙව්ලන්නට විය. තමා මේ දකින්නේ හීනයක් දැයි සිතෙන තරමටම ඔහු තැති ගත්තේ තද ගති ඇති  කට හොඳ නැති සිය ප්‍රධානියාගේ තරම දන්නා නිසාය. ඔහු මෝටර් රථයෙන් බසින විටම තමාගේ දෑස් ඔහුගේ දෑස් සමග නොපැටලු‍ණේ නම් මංගල උත්සවයේ තමාට මොන රාජකාරී පැවරී තිබුණත් හීන්සැරේ මාරුවීමටවත් ඉඩ තිබුණේ යයි ඔහුට සිතුණු වාර අපමනය.


ඔහු ළඟට පැමිණි ආයතන ප්‍රධානියා මම හිතුවේ තමුසෙට කොරෝනා කියලා නැත්නම් කීයටවත් මම තමුසෙට බොරු කියලා නිවාඩු ලබා ගන්න ඉඩ තියන්නේ නැහැ යැයි ඔහු භාර්යාව ඇතුළු පිරිසක් ඉදිරියේ පැවැසුවේ ජැන්ඩියට හැඳ සිටි  ඔහුගේ ඇදුම් ටික ගැලවෙන ලෙසය.කාරණාව  තේරුම් ගැනීමට එතැන සිටි පිරිසට වැඩි වේලාවක් ගත නොවීය.


ඒ අවස්ථාවේදීම ආයතනයේ ප්‍රධානියා සිය ආයතනයට දුරකතනයෙන් කතා කොට ඔහුට නිවාඩු දමන ලෙස එහි සිටි නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර මේ කළ වංචාවට එකදිගට සති දෙකක්ම  ආයතනයට පැමිණ සේවය කිරීමටද ඔහුට ගෝරනාඩු කළේ එතන සිටි සෑම දෙනා දෙසම ඔහු අහිංසක ලීලාවෙන්  බලමින් සිටියදීය. මෙම මංගල උත්සවයට මටත් ආරාධානා නොලැබුණානම් තමුසෙගෙ ලණුව මම තවමත් ගිලලා යැයි ආයතන ප්‍රධානියා කී විට පුපුර පුපුරා සිටි භාර්යාවගේ මුහුණ දෙස  ඔහුට බැලු‍ණේ ඉබේටම මෙනි. නිවෙසට ගිය විට සිදුවෙන දේ තේරුම් යාමෙනි.



අදහස් (2)

කොරෝනා පිටින් දාලා මගුල් ගෙදරක ගිහින් ‘හොඳට නාලා’

දිමුත් Tuesday, 15 December 2020 03:58 AM

ඔය වගේ මිනිස්සු හැම ආයතනයකම ඉන්නවා. එකම පිරිසක් එක දිගට වැඩ කරද්දී සමහරු ගෙවල්වලට වෙලා සැප ගන්නවා. නොදකින්!

:       0       7

sampath Tuesday, 15 December 2020 04:51 PM

ඔය වගේ නරුම කෙනෙක් ආයතන ප්‍රධානියෙක් විදිහට කොහොම මොනවා කරනවා ඇද්ද? බලයෙන් හිස උදුම්මාගත්තු කාට හරි ගොට්ට අල්ලලා ආපු ඊනියා ප්‍රධානියෙක් වෙන්න ඔනෙ කෙනෙක්ගේ පුද්ගලික ජීවිතයට පුරුෂයාට හානියක් වෙන්න ක්‍රියා කරන්න කාටවත් බැහැ.

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site