(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ප්‍රධාන ෙපළේ ව්‍යපාරිකයකු වූ ඔහුට සිටියේ එකම දියණියකි. ඇය ඔහුගේම ආයතනයක ගිණුම් ලිපිකාරිණියක ලෙස සේවය කළාය.
රූමත් අයට පසුගියදා විවාහ යෝජනාවක් ඉදිරිපත් වූයේද ව්‍යාපාරික පවුලකිනි. දෙපාර්ශ්වයේ සෝදිසි කිරීම් මත විවාහයට දින යෝජනා වූ අතර විවාහ මංගල්‍යයට ආරාධිතයන් කැඳවීම ගැටලුවක් විය.
ඒ ඔහුගේ සැලසුමට අනුව මංගල්‍යයට කැඳවිය යුතු පිරිස තුන්සියයක් පමණ වුවත් කොරෝනා වසංගත නීතිය අනුව එය පනහකට අඩුකළ යුතු වීමයි. ඒත් ඉන් එක් නමක්වත් ඉවත් කළ නොහැකි බව ඔහුට වැටහින. මේ පිළිබඳව තම බිරිඳට කී විට වාණිජ විෂය උගන්වන ගුරුවරියක වූ බිරිඳ කීවේ මංගල්‍ය දින හයක් පවත්වා එක දිනකට පනහ බැගින් කැඳවන ලෙසය.
ඇයගේ උපදේශනෙයන් දිරිමත්වූ ඔහු දින හයක් මංගල්‍ය පැවත්වෙන බවට දින යොදා හිතවතුන්, සේවකයන් ඥාතීන් කැඳවූ අතර මැද දිනයක පෝරුවේ චාරිත්‍ර ආදිය යොදා ගත්තේය.
මෙසේ දින පහක්ම මනාලයා මනාලියගේ නිවෙස් රැඳී සිටි අතර ඔවුන් මධුසමය සඳහා ගියේ දින පහකට පසුවලු.
2025 ඔක්තෝබර් මස 08
1632
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොරෝනා නීතියෙන් බේරෙන්න දවස් 6 ක්ම මඟුල් කාලා