(කැලණිය - ලාල් එස්. කුමාර)
පවුලේ ජ්‍යොතිර්වේදියා ලබාදුන් නැකැතට වඩා හොඳ නැකැතක් කොරෝනා වයිරසය ලබාදුන් පුවතක් පසුගියදා කොළඹට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
වසර කිහිපයක් විදේශගතව සිට පැමිණි ඔහු කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුගිය මාස කිහිපය ආදායමක් නොමැතිව කල් ගත කළේය. නැවත විදේශගත වීමට නොහැකි බැවින් තමන් උපයාගත් මුදල් යොදවා ව්‍යාපාරයක් කිරීමට ඔහු සිතා ගත්තේය. තම බිරියගේ ද කැමැත්ත පරිදි කඩ කාමරයක් කුලී පදනම මත ලබාගෙන සිල්ලර භාණ්ඩ අලෙවි කිරීමේ වෙළෙඳසලක් ආරම්භ කිරීමට ඔහු කටයුතු කළේය. කිරි පිටි, හාල්, පොල්, අල, ලූණු, පොල් තෙල්, කරවල ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට ඔහු අදහස් කළේය.
ඒ සඳහා සුදුසු නැකැතක් බැලීමට බිරියට පැවැරූ ඔහු භාණ්ඩ එක්රැස් කළේය.
තම පවුලේ ජ්‍යොතිර්වේදියා ළඟට ගිය බිරියට ඊට සුදුසුම නැකැතක් ඉකුත් බ්‍රහස්පතින්දා ලබාගත්තාය.
ඒ අනුව ඉකුත් අඟහරුවාදා වනවිට සියල්ල සූදානම් කළේය. තමා විවෘත කිරීමට යන වෙළෙඳසල අසල තවත් වෙළෙඳසල් කිහිපයක් ඇති බැවින් පාලන මිලටත් අඩුවෙන් භාණ්ඩ අලෙවි කිරීමට ඔහු මිල ප්‍රදර්ශන පුවරු ද සැකැසීය.
බදාදා දිනය උදාවිය. දෙදෙනා වෙළෙඳසලට ගොස් සියල්ල සූදානම් කර පසු දින සුබ හෝරාවෙන් වෙළෙඳසල විවෘත කරන බැවින් හිතවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු කිහිපදෙනකුට ද ඇරයුම් කිරීමට අමතක නොකළේය.
එදින දහවල් කිරිබත් පිසීමට අවශ්‍ය කළමනා ද රැගෙන දෙදෙනා තම නිවසට ගොඩවූහ.
“අම්මේ මෙහෙටත් ඇඳිරිනීතිය දාලා. අද රෑ 10.00ට තමයි දාලා තිබෙන්නේ” යැයි දියණිය පැවැසුවාය. අහල පහළ උදවිය ද වෙළෙඳසල් කරා දිව යන බව පෙනුණි.
වහා ගොස් ඔවුන් දෙදෙනා වෙළෙඳසල විවෘත කළේය. පාරිභෝගිකයෝ පෝළිමේ එන්නට වූහ. පාලන මිල පුවරු ද පිටුපසට දැමූ ඔහු සිතූ සිතූ ගණන්වලට භාණ්ඩ අලෙවි කරන්නට විය.
රාත්‍රී 9.00 වනවිට වෙළෙඳසලේ ඉතිරිව තිබුණේ කරවල වර්ග දෙකක් පමණි. රාත්‍රී 9.00ට විතර වෙළෙඳසල වසා මුදල් එකතු කරන ගමන් ඔහු පැවැසුවේ “ඔයාගේ ජ්‍යොතිර්වේදියාට වඩා හොඳ නැකැතක් කොරෝනා ලබා දුන්නා” යනුවෙනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොරෝනා නැකතට අතමිට සරුවෙලා
sana Monday, 26 October 2020 05:25 AM
මේ වෙලා තියෙන්නේ නැකැත් ප්‍රශ්නයක් නොවේ. පාරිභෝගිකයින් ගසා කෑමක්.