(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා උවදුරෙන් ආක්ෂාවීමට ගතයුතු පියවර පිළිබඳව ගම්වැසියන්ට උපදෙස් ලබා දෙන අතරේ සෞඛ්‍ය වෛද්‍ය නිල රියේ තිබී විසබීජ නාශක බෝතලය සොරා ගැනීමේ සිද්ධියක් නිසා නිලධාරීන් අසරණ වූ සිද්ධියක් පිළිබඳව පසුගියදා කල්එළිය ප්‍රදේශයෙන් වාර්තා විය.
මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පසුගියදා කල්එළිය ප්‍රදේශයට ගියේ ගම්වැසියන් නිරෝධායනය වීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමටය. ඒ ප්‍රදේශයෙන් සැකසහිත අයකු පිළිබඳ සැලවූ නිසාය. ඔවුන් ගමන් ගත් රිය නවතා පිරිස නිවැසියන් හමුවී උපදෙස් ලබාදී ආපසු යෑමට පැමිණ වෛද්‍යවරයා ඇතුළු පිරිස විසබීජ නාශක යොදා දෙඅත් පිරිසිදු කරගන්නට සූදානම් වූහ.
එහෙත් විසබීජ නාශක කුප්පිය අතුරුදන් වී තිබිණි. නිලධාරි නිවෙස්වලට ගිය අතර කිසිවෙකු වාහනයේ තිබූ විසබීජ නාශක බෝතලට සොරා ගෙන ගොස් ඇති බව පසුව හෙළිවිය. කරන්නට දෙයක් නොවූ තැන පිරිස ජල නළයක් සොයාගෙන දෙඅත් පිරිසිදු කරගෙන ආපසු කාර්යාලය බලා පිටත්ව ගියේ රටේ ජනතාවගේ හැටි කෙසේදැයි සිතා ගන්නට බැරිවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොරෝනා ගැන කියන්න ගිය නිලධාරීන්ගේ බේත් කුප්පියටත් විදලා
Perakum Thursday, 09 April 2020 03:36 AM
මේ වගේ කාලකන්නි ඉන්න රටක අපි ඉපදුනේ ඇයි?
harimagaFriday, 10 April 2020 08:44 AM
මෙහෙම කියන්න පුරුදු වෙමු. අපේ රටේ මේ වගේ කාලකන්නි ඉපදුනේ ඇයි?