(තිහගොඩ උපසේන ලියනගම)
සෞඛ්‍ය විද්‍යනුකුල කොරෝනා ඇඳුම් කට්ටලයකින් සැරසී දෙහි සොරකමේ ගිය පුද්ගලයකු පිළිබඳ අපූරූ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක වූ ප්‍රධාන එළවළු වෙළෙඳ සැලකිනි.
මේ දිනවල උග්‍ර දෙහි හිඟයක් ඇති හෙයින් මෙම වෙළෙඳ සලෙහි දෙහි ගෙඩියක් වික්කේ රුපියල් පනහකටයි.
පසුගියදා වෙළෙඳ සලෙහි යකඩ දොරටුව විවරකොට ඇතුළු වූ සොරකු එහි වූ දෙහි කිලෝ දහයකට අධික ප්‍රමාණයක් ගෙන ගොස් තිබු අතර එහි සවිකොට තිබූ සීසීටීවී කැමරාවේ සටහන්ව තිබුණේ නාස් මුව ආවරණ මෙන්ම දෙනෙත් ආවරණද හිස් ආවරණ හා අත්පා ආවරණද සහිතව විෂබීජ හරණයේ නිරත නිලධාරියකු ලෙස පැමිණ තිබු හෙයින් හඳුනාගත නොහැකි බවකි.
වෙළෙඳ සලේ මිල මුදල් හෝ වෙනත් කිසිදු එළවළුවක් ගෙන ගොස් නොතිබූ අතර රුපියල් දස දහසක තරම් දෙහි මුළුමනින්ම ගෙන ගොස් තිබු බව පවසන වෙළෙඳ සල් හිමිකරු තමා මේ පිළිබඳව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා නමුත් මේ හොරා පිළිබඳව සෙවිල්ලෙන් පසුවන බව පැවැසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරැසී දෙහි සොරකම් කරලා