(මොරගොල්ලාගම සිසිර කැලේගම)
කොරෝනා ව්‍යසනය නිසා ඇඳිරි නීතිය හමුවේ වසා දමන ලද වෙළෙඳ ආයතනයක් යළි විවෘත කිරීමට යෑමේදී අලෙවි කිරීමට ගෙනැවිත් අසුරා තිබූ වටු බිත්තරවලින් පැටවුන් එළියට පැමිණ සිටිනු දැක වෙළෙදසල්හිමියා මවිතයකට පත්වීමේ පුවතක් ඇතුගල්පුරවරයට අයත් රාජධානි බල ප්‍රදේශයකින් වාර්තා වේ.

එම වෙළෙද ආයතන ප්‍රධානියාගේ සමීපතම හිතවතුන් පවසන ආකාරයට සිද්ධිය මෙසේය.
ප්‍රදේශයේ ජනතාව වටු බිත්තරවලට වැඩි ඉල්ලුමක් ඇති නිසා ඒවා මෙම ආයතනයේද විකිණීමට තබා ඇත.
ඒ අනුව වටු බිත්තර එහි අලෙවි කිරීමට ගත් මුල් දිනවලදීම කොරෝනා ව්‍යසනය හමුවේ රට පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය නිසා වෙළෙඳසල් හිමියාටද එය වසා දැමීමට සිදුවිය.
කෙසේ වෙතත් ඇඳිරි නීතිය ඉවත්කර රට යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව ඔහු ඉකුත්දා වෙළෙඳ ආයතනයට පැමිණ එය විවෘත කරවා වටු බිත්තර අලෙවි කිරීමට ඒවා රාක්ක මත සැකසීමට යාමේදී ඒවා අතරින් කිහිපයක් පුපුරාගොස් පැටවුන් සිටිනු හා තවත් බිත්තර පුපුරා පැටවුන් එළියට ඒමට ආසන්නව සිටිනු දැක විමතියට පත්ව තිබේ.
ඒ අනුව ඔහු එම බිත්තර අතරින් ආ පැටවුන් රැක බලා ගැනීමටත්, පුපුරා යෑමට ආසන්නව තිබූ බිත්තර අතරින් පැටවුන් එළියට ගැනීමටත් වෙහෙසි ඇතත් එම පැටවුන් මියගොස් බිත්තර සියල්ලත් නරක්වී යාම නිසා ඒවා ඉවත්කර පාඩුව විඳදරා ගැනීමට ඔහුට සිදුවිය.
එතැන්පටන් හිතවතුන්ගේ සමච්චලය අතරේ කෝපයට පත් ඔහු එම ආයතනයට මොන දේවල් අලෙවි කිරීමට ගත්තත් වටු බිත්තර නොගන්නා බවත්, එහි වටු බිත්තර අලෙවි කරන බවට ප්‍රදර්ශනය කර තිබූ දැන්වීම් පුවරුවද ඉවත්කර ඇති බවත් දැන ගන්නට තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොරෝනාවට වැසූ කඩේ ඇරියාම කුරුලු පැටවුන් ගොඩක් එළියට ඇවිත්